Sep
16

සමාජ මාධ්‍ය මුලාවට විසඳුම

 
589 Views
   
 

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන බොරු ප්‍රචාර වලට හසුනොවී එන්නත්කරණය සඳහා හැකි ඉක්මනින් ‍යොමුවන ලෙස රජය තරුණ ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. පසුගිය දින කිහිපය දෙස බලන කල ක්‍රමයෙන් ආසාදිතයින්ගේ අඩුවීමක් පෙන්වන මෙම අවස්ථාවේ එන්නත්කරණය මගහැරීම නො ව, ලද විගස එන්නත්කරණයට යොමුවීම ඉතාමත් වැදගත්ය. පසුගිය සතියක කාලය දෙස බලන කල ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කල දෛනිකව වැඩිම පිරිසකට එන්නත් ලබාදුන් රටවල් අතර පළමු තැන හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි. අවුරුදු 20-30 කාණ්ඩයේ එන්නත් කිරීම ආරම්භයත් සමග ඇතැම් ප්‍රදේශයන්හි තරුණ තරුණියන්ගේ එන්නත සඳහා යොමුවීමේ මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් වැරදි තොරතුරු හුවමාරුව මෙයට විශාල ලෙස බලපා ඇති බව විද්වතුන්ගේ මතයයි.කො විඩ් 19 රෝගය සඳහා ලබා දෙන්නා වූ එන්නත් අනාගතයේ ලිංගික දුබලතාවලට සහ මදසරුභාවයට හේතුවන බව පවසා මෙම අ සත්‍ය ප්‍රචාර පතුරවා ඇත. අ සත්‍ය පතුරවන්නන් මේ අවස්ථාවේ තම රටට කරන්නේ මහා ද්‍රෝහි කමකි. මේ අනුව ලොව කිසිදු තැනක මෙවැනි දෑ පරීක්ෂණ මගින් සනාථ වීමක් හෝ ඔප්පු වීමක් සිදු වී නො මැති අතර,මෙය සම්පූර්ණ කඩාකප්පල්කාරී බොරු මිත්‍යා පැතිරවීමකි. මෙවැනි කිසිදු පදනම් විරහිතව සමාජ මාධ්‍ය මවා පෑ බොරුවලට හසුවනවානම් අප වර්තමාන තරුණ ප්‍රජාව පිළිබඳ කිව යුත්තේ ඉතාමත් කණගාටුදායක බවය. මෙහිදී ඉතාමත් යුහුසුළු විය යුත්තේ දෙමාපියන්ය. මන්ද තම වැඩිහිටි ද රු වා මිත්‍යා මතවලට හසුවී ඇත්නම් කරුණාකර සත්‍ය පැහැදිලි කර නො පමාව එන්නත්කරණය සඳහා යොමුකරවීමට ක්‍රියාකරන්න. නැ තහොත් තම ද රු වා තමා අභියසදීම කො විඩ් මාරයාගේ ගොදුරක් වනු ඇත.

ඒ අතර වයස අවුරුදු 12 ට වැඩි ද රු ව න්ට එන්නත් ලබාදීම ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි. පළමු අදියර ලෙස විශේෂ අවස්ථා සහිත ද රු ව න් සඳහා එන්නත් ලබාදීමට තීරණය වී ඇත. මෙහිදී ශ්‍රී ලංකාව තුළ නිධන්ගත රෝග සහිත ද රු ව න් 30,000ක් ප්‍රතිකාර ලබන ද රු ව න් සිටින අතර, ඔවුන් ව්ශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය සහ අධීක්ෂණය යටතේ රෝහල් ආශ්‍රිතව එන්නත්කරණය ලබාදීම සිදුකරනු ඇත. ඒ අනුව දෙවනි අදියර ලෙස අ.පො.ස.සාමාන්‍ය පෙළ සහ අ.පො.ස.උසස් පෙළ ද රු ව න් හට වෛද්‍ය අධීක්ෂණය යටතේ එන්නත්කරණය සිදුවනු ඇත. මෙහිදී විශේෂයෙන්ම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ නියමිත පළමු අවස්ථාවේම කිසිදු සැකයකින් තොරව තම ද රු ව න් එන්නත්කරණය සඳහා යොමුකරවීමට උනන්දු වන ලෙසයි.විවිධ ආකාරයෙන් එලියට එන සමාජ මාධ්‍ය විකෘතිකයන් විසින් මුදාහරින ව්‍යාජ තොරතුරු වලට හසුනොවී බුද්ධිමත් වන ලෙසයි.

මෙලෙස කොරෝනා මර්ධනය එන්නත් ලබාදීමේ විශේෂ මධ්‍යස්ථානයක් ලෙස රිජ්වේ ආර්‍යා ළමා රෝහල විසින් පවත්වාගෙන යන අතර, මරදාන ශාන්ත ලූකස් දේවස්ථානයද මධ්‍යස්ථානයක් ලෙස එන්නත්කරණය සිදුකරන ස්ථාන ලෙස ස්ථාපිත කර ඇත. තවද සංකූලතා ඇතිවන පිරිස් පිලිබඳ පරීක්ෂා කිරීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක්ද යොදවා සිටී.රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ වෙබ් අඩවිය ඔස්සේ ඉඩ වෙන්කර ගැනීමේ පහසුකම් ද සලසා ඇත. ඖෂධ සහ එන්නත් පිලිබද විවිධ මිත්‍යා මත රටපුරා ප්‍රචාර කරමින් සිටින මොහොතක මිත්‍යා මත සමග එල්බ නොසිට වහාම ද රු ව න් එන්නත්කරණයට යොමු කර ද රු ව න්ගේ සුරක්ෂිතාව තහවුරු කරගැනීම දෙමාපියන් වන ඔබගේ වගකීමයි.
මෙහිදී තරුණ ප්‍රජාව අතරින් සැලකිය යුතු පිරිසක් තවමත් එන්නත්කරණයට ලක්වී නො මැති බව හෙළිවී ඇති අතර හැකි ඉක්මනින් ඒ සඳහා යොමු වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.

ආදරණීය අම්මේ තාත්තේ, ඔබට මෙන්ම ඔබගේ ආදරණීය ද රු ව න් ටද කො විඩ් මා ර යාගෙන් බේරීමට ඇති එකම මග එන්නතයි. “සිහිබුද්ධිය මිත්‍යාවට ඇති හොඳම විසදුමයි” – රෂිකා සඳමාලි හෙන්නායක

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්