Feb
25

” මේ රට දාලා යන අයට අපිට චෝදනා කරන්න බැහැ , මොකද ඒක හැමෝගෙම අයිතියක්” ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය

 
648 Views
   
 

රොෂාන් පිලපිටිය කියල කියන්නේ මේවෙද්දී අපේ කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඇත්තෙන්ම වේදිකාව තුල දැකගන්නට නොලැබුනත් මේ ජනප්‍රිය රංගන ශිල්පියාව අපට පුංචි තිරය තුළ නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා. කොහොම නමුත් මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කෙරෙන පාර දිගේ ටෙලි නාට්‍යයේ ” නානායක්කාර ” කියන චරිතය ඔස්සේ දැකගන්නට ලැබෙන ඔහුට මේවෙද්දී විශාල ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා

කෙසේවෙතත් කාලයෙන් කාලයට විවිධාකාර චරිත ඔස්සේ අපට දැකගන්නට ලැබෙන මේ ජනප්‍රිය රංගන ශිල්පියා සමගිනුයි අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ. වර්තමානයේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න සමහර රංගන ශිල්පීන්ට දක්ෂතාවය නැහැ. දක්ෂතාවය තියෙන රංගන ශිල්පීන්ට ජනප්‍රියත්වය නැහැ. නමුත් රොෂාන් පිලපිටිය කියන මේ රංගන ශිල්පියා මේ දෙකම සමබරව තියාගෙන ඉන්නවා. ඉතින් ඒ ගැන අපි ඔහුගෙන්ම අහලා බලන්න හිතුවා

ඇත්තටම රොෂාන් කියල කියන්නේ දක්ෂතාවය වගේම ජනප්‍රියත්වය කියන දෙකම සමබරව තබාගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඊට හේතුව කුමක්ද ?

කලාව කියන කිෂේත්‍රය තුළ ජීවත්වෙන්න හැදෑරීම කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. හොඳ මානව සම්බන්ධතාවයකින් තමන්ගේ ගමන ගියොත් ජනප්‍රියත්වය හිමිවෙනවා. මම කවදාවත් මම නළුවෙක් කියලා ඔළුවට අරගෙන නැහැ. මට හිමි රාජකාරිය මම නියමිත විදිහට හරියට කරන කෙනෙක්. ඒ නිසා මගේ දක්ෂතාව සහ ජනප්‍රියත්වය කියන දෙකම සමබර වෙනවා. මම කවදාවත් මගේ දක්ෂතාවය මගේ ජනප්‍රියත්වය රැකගන්න කියලා මේ මේ දේවල් කරනවා කියලා නැහැ. මම බොහොම සරලව ජීවත් වෙලා මගේ ගමන පාඩුවේ යන කෙනෙක්

මේවෙනකොට අපේ රටේ පවතින තත්ත්වයත් එක්ක රටින් පිටවීම බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව වෙලා තිබෙනවා. ඉතින් ඔබටත් එවැනි බලාපොරොත්තුවක් තිබෙනවාද ?

ඇත්තටම මට අවශ්‍ය නම් මේ රටෙන් පිට වෙන්න ඕන තරම් අවස්ථා තියෙනවා. හැබැයි මේ රටෙන් පිට වෙනවා කියන තැන මම නැහැ. මම ජීවත් වෙන්නේ මගේ රට වටිනා කියන තැන ඉඳලා නෙවෙයි මේ මුළු විශ්වය ම වටිනවා කියලා හිතලා. හැබැයි එහෙම හිතලා මම කවදාවත් මේ රටෙන් යන්නේ නැහැ. මම දන්නෙ නැහැ මේ රටේ තත්වය කවදා කොහොම වෙනස් වෙයිද කියලා. කලාව කියන දේ කවදා මේ රටේ ප්‍රසස්ථ විදිහට ගොඩනැගෙයිද කියලා. හැබැයි මම මට හිමි රාජකාරිය කරනවා. මේ රටේ කලාව කියන දේට හරි තැනක් හැදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ රට දාලා යන අයට අපිට චෝදනා කරන්න බැහැ. මොකද ඒක හැමෝගෙම අයිතියක්.මේ රට හැදුණත් නැතත් මම මේ රටේ ඉන්නවා කියන හැඟීම මට තියෙනවා

කලා ක්ෂේත්‍රය තුළ අත්දැකීම් බහුල ප්‍රවීණ රංගන ශිල්පියෙකු හැටියට ඔබ නවක පරපුර ගැන මොකද හිතන්නේ ?

මම හිතන්නේ එක එකපාර සමාජගත වෙලා එකපාර සමාජයෙන් ගිලිහී යන ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පීන් බිහි වෙන්නේ ඔවුන්ගේ වරදින් නෙවෙයි. ඔවුන් යන සිස්ටම් එකේ වරදක් තමයි මම දකින්නේ.මේ අලුත් පරපුරේ අති දක්ෂයෝ ගොඩක් ඉන්නවා. හැබැයි බොහෝ අයට ලැබෙන්නේ ඒකාකාරී අවස්ථා. ඒ නිසාම ඔවුන්ගේ ජනප්‍රියත්වය පවත්වා ගන්න ඔවුන්ට අමාරුයි. ඒ නිසා ගොඩක් අය ජීවත් වෙන්නේ රැල්ලක් මත.අනික ඔවුනට අවබෝධයක් නැහැ ඔවුන්ව කළමනාකරණය කරගන්න. කවදාවත් ජනප්‍රියත්වය කියන දේ පස්සේ දුවන්න හොඳ නැහැ. හැදෑරීමක් සහිතව කලාව තුළ ජීවත් වෙනවා නම් ඔවුන්ට ජනප්‍රියත්වය දක්ෂතාවය දෙකම හිමි වෙනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්