Jul
22

ලෝකයම භ ය කරමින් තවත් වෛරසයක් ඇවිත්, ඇමරිකාවත් අවදානමක සෞඛ්‍ය අංශ කියයි

 
2345 Views
   
 

ඉතා දුර්ලභ රෝගී තත්ත්වයකට ගොදුරු වූ පුද්ගලයෙකු වාර්තා වීමත් සමග අමෙරිකාවේ ප්‍රාන්ත 27ක ජිවත් වන පුද්ගලයින් 200 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Monkeypox නමින් හඳුන්වනු ලබන මෙම අසාමාන්‍ය රෝගී තත්ත්වයට ගොදුරු වූ පුද්ගලයෙකු අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් පසුගිය දිනෙක සොයා ගනු ලැබුවා.

මෙම පුද්ගලයා ජූලි 09 වෙනිදා නයිජීරියාවේ, ලාගොස් හි සිට අමෙරිකාවේ ජෝර්ජියා ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔහුට Monkeypox රෝගය ආසාදනය වී ඇති බවයි අනාවරණය වූයේ.

පුද්ගලයා සමග ගුවන් යානයෙන් පැමිණි පුද්ගලයින් 200 දෙනෙකු ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස සලකා ඔවුන්ව වෛද්‍ය නිරීක්ෂණය යටතේ තැබීමට යි පියවර ගෙන ඇත්තේ.

අමෙරිකාවෙන් පළමු වරට Monkeypox රෝගය ආසාදනය වූ පුද්ගලයෙකු හමුවූයේ 2003 වර්ෂයේදී යි.

කෙසේ වුවත් මෑතක් වන තෙක් Monkeypox රෝගය ආසාදනය වූ කිසිදු පුද්ගලයෙකු එරටින් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට පළමු වරට Monkeypox රෝගය වාර්තා වන්නේ කොංගෝ රාජ්‍යයෙන්. ඒ 1970 වර්ෂයේදී.

මෙම වෛරසය මීයන්ගෙන් සහ වඳුරන් ගෙන් මිනිසුන්ට පළමුව ව්‍යාප්ත වන්නට ඇති බවයි සැක කරන්නේ.

පසුව මෙම රෝගය අප්‍රිකානු මහද්වීපයේ රටවල් 11 කින් වාර්තා වී ඇති අතර අමෙරිකාව, ඊශ්‍රායාලය, බ්‍රිතාන්‍යය සහ සිංගප්පුරුව වැනි රටවලින් අවස්ථා කිහිපයකදී වාර්තා වී තිබෙනවා.

මෙම රෝගී තත්ත්වයට ගොදුරු වන පුද්ගලයින්ට රෝග ලක්ෂණ ලෙස ශරීරයේ අසාමාන්‍ය ලෙස වසා ගැටිති ඉදිමීම්, උණ සහ කැසීම් ඇති වන අතර මෙය මිනිසාගෙන් මිනිසාට ව්‍යාප්ත වීමේ සම්භාවිතාවක් පවතින රෝගයක් ලෙසයි හඳුන්වන්නෙ.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්