May
5

“අපේ පරමාධිපත්‍යය බලය දියව් “

 
2478 Views
   
 

මේ දවස්වල බහුලව ඇහෙන වචනයක් තමයි ” පරමාධිපත්‍යය ” කියන්නෙ…

මොකක්ද මේ ” ජනතා පරමාධිපත්‍යය ” කියන්නෙ..?

ජනතා පරමාධිපත්‍යය හෙවත් ස්වෛරීභාවය යනු යම් නිශ්චිත ප්‍රදේශයක ජීවත් වන ජනතාව හෝ පුරවැසියන් විසින් ක්‍රියාත්මක කරනු ලබන අධිකාරියයි. මෙම පරමාධිපත්‍යයෙන් අදහස් වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් නිශ්චිත කාල සීමාවකට නිශ්චිත කණ්ඩායමකට හෝ නිශ්චිත පුද්ගලයෙකුට තමන් වෙනුවෙන් නීතිය සහ බලය ක්‍රියාත්මක කිරීමට දෙන අයිතියයි.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ මේ ” නිශ්චිත ” කියන වචනයයි. අද වන විට වඩාත් වැදගත් වන්නෙ ” නිශ්චිත කාලසීමාවක් ” යන්නයි.

ශ්‍රී ලංකාවෙ ජනතා පරමාධිපත්‍යයෙ ආසන්නතම අවස්ථාව 2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණයයි. එම ජනාධිපතිවරණයේදී..

♦️ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- ඡන්ද 6,924,255 (52.25%)

♦️සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- ඡන්ද 5,564,239 (41,99%)

♦️අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- ඡන්ද 418,553 (3.16)

♦️අනිකුත් අපේක්ෂකයන් ඡන්ද 260,000 යි.

▶️එකතුව 6, 242, 792

2019 ජනාධිපතිවරණයේභදි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට Go home කියා කීමට 6, 242, 792 ක් චන්දය ප්‍රකාශ කර ඇත.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා Go home කීමට ඡන්ද 6,217,162 ක් ලැබී තිබූ අතර එම චන්ද ප්‍රමාණය ලබා ගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විය.

2015 සහ 2019 සංසන්දනය කළ විට මහින්දට සහ ගෝඨාභයට Go Home කීමට ලක්ෂ 62 ක් චන්දය ප්‍රකාශ කර ඇත. අද වන විට පවතින ආර්ථික අර්බුදය හමුවෙ එම ලක්ෂ 62 සක්‍රිය වෙමින් නැවතත් ගෝඨාභයට Go home කියමින් ඇත.

එහෙත් ජනතා කැමැත්තෙන් නිශ්චිත කාලසීමාවකට පත් කළ පුද්ගලයෙක් අතරමග කාලසීමාවේදි එලවා දමන්නේ කොහොමද…? එහෙම කරන්න පුළුවන්ද..?

ඔව්.. එහෙම කරන්න පුළුවන්. එහෙත් ඒ ජනතාව යම්කිසි ප්‍රමාණයක් එලියට බැහැලා වර්ජන උද්ඝෝෂණ කිරීමෙන් නොව ව්‍යවස්ථාවෙ සඳහන්ව ඇති අන්දමටය..

එනම්..

▶️ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත්
▶️ජනාධිපතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවෙ දෝෂාභියෝගයක් ගෙනැවිත්
▶️ජනාධිපතිවරයා මිය ගියහොත් පමණි

ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් හෝ මිය ගියහොත් ඉදිරි ජනාධිපති කාල සීමාව සඳහා පාර්ලිමේන්තුවේ සරල බහූතරයක් ඇති පුද්ගලයා ඊලඟ ජනාධිපතිවරයා ලෙස පත් කළ යුතුය.

එවැනි අවස්ථාවකදිත් ජනතාවට තම පරමාධිපත්‍යය බලය ප්‍රකාශ කිරීමට මැතිවරණයකට යාමට අවස්ථාවක් නැත.

ජනතා පරමාධිපත්‍යය මැනිය හැකි එකම ක්‍රමවේදය මැතිවරණය පමණි. එම නිසා හන්දියක් හන්දියක් ගානෙ කානිවල් දැමූ පමණින්, උද්ඝෝෂණ කළ පමණින්, පාර්ලිමේන්තුව වට කළ පමණින් ජනතා පරමාධිපත්‍යය නියෝජනය නොවේ.

රටේ ඇති ආර්ථික අර්බුදය හමුවෙ මේ මැතිවරණයක් තැබීමට සුදුසු කාලයක්ද නොවේ. එම නිසා මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති විය යුතුමය.

එහිදි පුද්ගලභාවය, පක්ෂය යන දෑ පසෙකලා රට වෙනුවෙන් සියලුම දෙනා එකට එක් විය යුතුය.

එමෙන්ම තමන්ට හිතුන හිතුන මොහොතක පාරට බැස නිශ්චිත කාල සීමාවකට පවරා දුන් පරමාධිපත්‍යය බලය නැවත ලබා ගැනීමෙ ක්‍රමවේදයක් ලොව කොතැනකවත් නැත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්