Jun
18

නව ඉන්දියානු වෛරස ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට පියවර

 
1297 Views
   
 

මේ දිනවල ඉන්දියාවේ වේගයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් කිහිප දෙනෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් වෛරසය පිටතට පැතිරීම වැළැක්වීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අද (18) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති කොවිඩ් 19 මර්දනය සඳහා වු ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේ දී මෙම නව වෛරස ප්‍රභේදය පැතිර යාමේ ගැටළුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා වී තිබෙනවා.

ඒ අනුව, එම ප්‍රදේශ හුදකලා කර වෛරස සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටත්, ආසාදිතයින් සමඟ සම්බන්ධතා පැවැත් වු අයවළුන් පිළිබඳව හඹාගොස් පරීක්ෂා කිරීමටත්, දැනට ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂිත වු පරීක්ෂන සිදු කිරීමට කටයුතු යොදන ලෙසටත්, තීරණය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙම පරීක්ෂණ කටයුතු වලට අවශ්‍ය සියළුම භෞතික සහ මානව සම්පත් කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු කර න ලෙසට සෞඛ්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්