Dec
21

නත්තල් තෑගි ලැබෙයි – පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල මහ රෑ ඉහළ දමයි

 
1883 Views
   
 

වහාම ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 177ක් දක්වා ඉහළ යනු ඇති.

මීට පෙර රුපියල් 157ක්ව පැවති එහි මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 20කින්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 23කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල වන්නේ රුපියල් 207ක්. මීට පෙර එම පෙට්රල් මිල පැවතියේ ලීටරයක් රුපියල් 184ක් ලෙසටයි.

නව මිල වැඩි කිරීමත් සමග ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 සිට 121 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහි මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 10කින්. සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ 159ක්.

රුපියල් 144ක්ව පැවති එහි මිල රුපියල් 15කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර මෙම මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව භූමිතෙල් මිල ද ඉහළ නංවා තිබෙනවා.

ඒ රුපියල් 10කින්. ඒ අනුව රුපියල් 77ක් ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 87ක්.

ඊයේ මධ්යම රාත්රියේ සිදුවූ ඉන්ධන මිල වැඩි වීමත් සමගම අද උදෑසන වන විට ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් වැඩි කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 20කිනුත්, ඔත්ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 26 කිනුත්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කිනුත්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කිනුත් භුමි තෙල් ලීටරයක මිල රුපියල් 10 කිනුත් වශයෙන් ඉහළ දමා තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්