Jul
31

අම්මයි තාත්තයි මාව එක්කන් ආවා ලස්සන දිය ඇල්ලක් බලන්න Travel With Wife පුංචි සාමාජිකාව එලීනා රටටම කියපු කතාව

 
5486 Views
   
 

ලංකාවේ ලොකු වෙනසක් කරපු තරුණ තරුණියන් වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් ආදරේ කරන යුවලක් තමයි කසුන් සහා චමි නැත්තන් හැමෝම දන්නා Travel With Wife කියන්නේ.ඉතින් මෑතකදී එම යුවලට ආදරණිය පුංචි දියනියකුත් එකතුවුනා ඇගේ නම තමයි එලීනා අභිමන්ත්රා ඉතින් ඔන්න හා හා පුරා කියලා පුංචි එලිනත් මේ දෙන්නත් එක්ක Travel කරන්න පටන් අරගෙන ඇගේ පළවෙනිම Tour එක තමයි තුඩුගල ඇල්ල බලන්න ගිය එක ඉතින් දිය ඇල්ල බලන්න ගිය පුංචි එලිනා හැමෝටම පුංචි කතාවකුත් කියන්න අමතක කලේ නැහැ,ඉතින් ඒ කතාව වගේම එලිනාගේ පළමු ගමනේ චායාරුප පෙලකුත් අපි ඔබට ගෙන එනවා.පහලින් ඔබට කියවන්න පුළුවන් පුංචි එලිනා රටටම කියූ පුංචි කතාව.

අම්මයි තාත්තයි මාව එක්කන් ආවා ලස්සන දිය ඇල්ලක් බලන්න. මේක තියෙන්නේ කළුතර ඉදලා විනාඩි විස්සක දුරින්. ඒකේ නම තුඩුගල ඇල්ල.
මුලින් මම ටිකක් සද්දෙට බය උනා. වතුරනම් හරිම සීතලයි ඒක නිසා මමනම් නෑවේ නෑ. තාත්තා මාව වඩාගෙන ආවට මට ටිකක් මහන්සිනේ ඒක නිසා මන් ටිකක් දොයිය ගත්තා තාත්ත නාන අතරේ මම ටිකක් බන්ඩිය පුරවගත්තා. අපිත් එක්ක තව නැන්දෙකුයි මාමෙකුයි ආවා. ඒ දෙන්නත් හරිම ශෝක් මට හරිම ආදරෙයි.@aaliyah.akmal @___akmaal___ අම්මා මට ගස්වල කොල ගැනත් කියලා දුන්නා. ඉතින් අද මම අලුතෙන් ලස්සන දිය ඇල්ලක් දැක්කා, ගස් ගොඩක් දැක්කා ඒ වගේම නරක නැන්දලා මාමලා දාලා ගිය කුණු ගොඩකුත් දැක්කා අනේ ඔයාලා කුණුනම් දාලා එන්න එපා. අපි වගේ බබාලට ලස්සන බලන්න බැරිවෙනවනේ.ඔයාලත් අම්මලා එක්ක යන්න දවසක. සති අන්තයේ ගොඩක් සෙනග කියලා එතන සීය කෙනෙක් කියනවා ඇහුනා. ආයෙත් මේ වගේ ලස්සන තැනක් බලන්න ගියොත් ඔයාලටත් කියන්නම් කියලා තමයි පුංචි එලිනා හැමෝටම කිවුවේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්