Sep
4

මගේ මූණට මිනිස්සු ඇවිත් කලුච්චි, බලපන් උඹේ හැටි, කලුයි කැතයි කියපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි – ආකර්ෂණීය රූසපුවක් ලබාගත් උපේක්ෂාගේ රහස මෙන්න

 
1651 Views
   
 

උපේක්ෂා කල්පනී කියන්නේ සමාජයේ නොයෙකුත් බාධක මැද්දෙ තමන්ගේ අරමුණ වෙනුවෙන් තනිවම සටන්කරපු හිත හයිය කෙල්ලෙක්. ඒවගේම දක්ෂ සුුරූපී නිරූපණ ශිල්පිණියක්. ඉතිං මේ ඇයගේ කතාව ඇය විසින්ම අකුරු බවට පත්කරපු අවස්ථාවක්. කියවලම බලන්නකෝ.

“මේ තියෙන්නෙ මගේ 2012 හා 2021 ගත්ත edit නැ ති පින්තූර දෙකක් අවුරුදු 15 හා 24 දී, මට හීනයක් තිබුණා ලස්සන රූපයක් ලබා ගන්න ලොකු හීනයක් ඒ හිනේට තාම යනවා. මූණට මිනිස්සු ඇවිත් කලුච්චි, බලපන් උඹේ හැටි ,කෙට්ටු, කන් නැ ද්ද, කලුයි කැතයි කියපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි, 7B පංතියේ ඉද්දි උඹ තමයි section එකේ ඉන්න කැතම කෙල්ල කියලා කොල්ලෙක් මූණටම කිව්වා. ගෙදර ඇවිත් කොට්ට බදාගෙන කදුළු පෙර පෙර ඇඬුවා ,මානසිකව වැටුනා, දුක් උනා, ඒත් මම මට ආදරෙ කරා.

පාරෙ යාලුවෙක් එක්ක යද්දි උනත් යාලුවා දිහා තමයි හැම කොල්ලම බලන්නෙ, මං ගෙදර ඇවිත් හොරෙන් ළග තියා ගත්ත රෝස පවුඩර් එක උලනවා, අනන්ත වත් cream හොයන් නැ ති සුදු වෙන්න ගාන්න, සල්ලිත් නෑ ඉතිං, ලස්සන වෙන්න ගාන්න, රූපේ අඩු නිසා කොච්චර දක්ෂ උනත් ඉස්කොලේ announcing කරන්න ගිහිං අයින් කරපු අවස්ථා කොන් කරපු අවස්ථා ගොඩක් තියනවා, මට ආදරේ කරලා මාව ඉස්සරහට අරං ආවෙ මගේ සුනීතා ටිචර්? ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙත් රූපය අඩු නිසා කලු නිසා reject උන තැන් තියනවා, මගේ foto දැකලා ආදරෙයි කියලා ඇත්තට දැක්කට පස්සෙ බොරු හේතු හදන් අඩුපාඩු කියපු මිනිස්සුත් ඉන්නවා. හම්මෝ දැන් ඒ මිනිස්සු Inbox ඇවිත් msg දානවා මට වැඩක්ම නෑ. මම රණ්ඩු කරද්දි තමුසෙ රූප සුන්දරියක් නෙමෙයි කියන අයත් හිටියා. සමහර මගෙ යාලුවො මට එයාලගෙ යාලු කොල්ලෙක් set කරන්න හදද්දී මට ඇස් පේන්නෙ නෑ කියලා හිතුවද අහපු කොල්ලොත් හිටියා මං ඉන්න ඉස්සරහා මූණටම scl කාලේ.

මාව පවුලෙ කවුරුත් මල් කුමාරියක්ට දෙවනි මනමාලියෙක් වත් අරන් නෑ උස නිසාද දන්නෑ එයාලට වඩා මට ඔනී උනේ ඔයා ලස්සන වෙලා ඔයා මහත් වෙලා කියලා අහගන්න. මුලු පවුලෙම ලස්සන ගෑනු ලමයා වෙන්න, මුලු ඇගම එක පාටක් කරගන්න තිබ්බ ආසාව නිසාම ගොඩක් beauty පෙති කරල් බිව්වා, Inject කරා gym ගියා ගොඩක් දේවල් කරත් හරි ගියෙනැ ති අවස්ථා තිබුනා. ළග ඉන්න ආශ්‍රය කරන යාලුවො පවා cream ගැන අහද්දි බොරු කියපු වංචා කරපු වාර අනන්තයි. රටේ නැ ති කතා කියපු වාර ගොඩයි, ජීවත්ව ඉන්න කම් ලස්සනට ඉන්න ඔනී, කවදාවත් මගේ අඩුපාඩු නොකියපු ආදරේ කරපු එකම කෙනා අම්මා තාත්තා මගේ Sandeep විතරයි, මගෙ එක සහෝදරයෙක් විතරයි, මම හිතනවා මට ඔනී goal එක මම achive කරා, මාව ඉස්සර ගනං ගත්තෙ නැ ති අය පවා Inbox ඇවිත් සුදු උනේ කොහොමද? ඇහුවා එයාලට අපහාස කරනවා නෙමෙයි ලොකු කමට කියනවා නෙමෙයි? එහෙම ඇවිත් මාව අගය කරපු ඔයාලට ස්තූතියි ආදරෙයි, මාව ගනං ගත්තෙ නැ ති කොල්ලො inbox ඇවිත් ආදරෙයි කිව්වා. වර්ණනා කරනවා , එයාලට ගොඩක් ස්තූතියි, රූපලාවන්‍ය උපදේශිකාවක් විදිහට එක සමාගමකට බැදුනු වෙලාවෙ කලුයි කියලා reject කරා, මගේ supervisor මැඩම් තමයි නෑ එයාගෙ brand knowledge එක හොදයි කියලා job එකට ගත්තෙ
වැඩට යද්දි make up තට්ටුවක් ගාගෙන ගියා ඔක්කොම අහනො කෝ make up කියලා කවුරුත් තමුසෙට කැමති වෙන් නෑ කියපු ඇන්ටිලා අංකල්ලා ඉන්නවා.

තේරුම් ගත්තෙ එක දෙයයි, හොද පෙනුමක් හැඩ ඇඟක් තියනවා නම් ලොකු පිළිගැනීමක් තියෙනවා මිනිස්සු ආදරය කරන්නෙ මිල මුදල් දේපළ යාන වාහන බලයට නිලයට මිසක් මනුස්සකමට නෙමෙයි කාටවත් ඉරිසියා කරන්න එපා
කෙනෙක්ට ලස්සන වෙන්න උදව් කරන්න. මොනයම් දෙයකින් වෙන දෙයකට හරි උදව් කරන්න, දන් දීමෙන් ඔබ කිසි දිනක දුප්පතෙක් නොවෙයි එයයි බුද්ධ වචනය, මේ රූපය අද තිබුනා හෙට නැ ති වෙන්න පුලුවන්, Accident එකක් වෙන්න පුලුවන්, කලු උනාට ඔයා ලස්සනයි සිරියාවන්තයි කියපු අයත් හිටියා, ඒත් මාව වට්ටපු රිද්දපු ඔයාලා නිසයි අද මං මෙහෙම ඉන්නෙ, රඟපාන්න නිරූපණයට ආස උනත් පෙනුම නිසා reject උනා, මුලු ඇඟම එක පාටක් නැ ති නිසා reject උනා, කිසිම දෙයක් බලාපොරොත්තු නො වී කවුරුත් උදව් කරන්නෙ නෑ, මම හිතනවා මට ඔනී තැනට මම අවා කියලා, ප්‍රශ්න තියෙන ගැහැණු ලමයි ඉන්නවා නම් Inbox ප්‍රශ්න අහන්න, සබ්බං පහාය ගමනීයං – දිනක මේ සියල්ල හැරදා යා යුතුයි”යැයි ඇය සටහන් කර තිබුණා.

 

19

 

18

 

17

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්