Jun
27

ලොවම රැවටූ දස නිවුන් දරු උපත

 
2235 Views
   
 

දකුණු අප්‍රිකානු කාන්තාවක් මේ මස මුලදී බිළිඳුන් 10 දෙනෙකු එකවර බිහි කළ පුවත අ’සත්‍ය බව නිල පරීක්ෂණයකින් හෙළි වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට ගෝතෙන්ග් පළාතේ කිසිදු රෝහලක එවැනි උපතක් සිදුව නොමැති බව සිදුකළ පරීක්ෂණයෙන් වාර්තා වී ඇති බවයි.

එම කාන්තාව මෑතකදී ගැබ් ගැනීමක් සිදුව නොමැති බව ද සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් ද පෙනී ගොස් තිබේ. නගරාධිපතිවරයා විසින් එවැනි පුවතක් තහවුරු කර ඇත්තේ නිසි සොයා බැලීමකින් තොරව බව ද ඔහු පිළිගෙන ඇතැයි සඳහන් ය.

විදෙස් මාධ්‍ය වාර්තා කර පවසන්නේ, දරුවන් බිහි කළ බව කියන කාන්තාව මේ වන විට මානසික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර ඇති බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්