Feb
2

දින 14කට පසුවත් වෛරසය ව්‍යාප්ත විය හැකි බවට හෙළිදරව්වක්

 
959 Views
   
A revelation that the virus can spread even after 14 days  

කොවිඩ් ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට දින 14කින් පසුවත් වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබේ.

මේ කරුණු පැහැදිලිවී ඇත්තේ, බ්‍රසීලය පාදක කරගෙන කොවිඩ් ආසාදිතයින් 38දෙනෙකු යොදා, ප්‍රංශ සහ බ්‍රසීල විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණයකදීය.

ඇතැම් රෝගීන්ගේ සිරුරේ දින 71ත් 232ත් අතර කාලයක් වෛරසය පැවතිය හැකි බව ද විද්‍යඥයින් පෙන්වා දෙයි.

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරට සමාජය පුරා පැතිරෙමින් තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

එසේම අද දෙරණ වෙත අදහස් පළකරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ රට තුළ විශාල වසංගත තත්ත්වයක් ඇතිවෙමින් තිබෙන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා

“පාසල් තුළ සීඝ්‍රයෙන් කොවිඩ් 19 වසංගතය පැතිර යමින් තිබෙනවා. විශාල වශයෙන් වසංගත තත්ත්වයක් රට තුළ ඇතිවෙමින් තියෙනවා.මීළඟ රැල්ල නිර්මාණය වෙමින් තියෙනවා. ඒ නිසා සියලුම දෙනා සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. නැත්නම් ඉතාමත් අවාසනාවන්ත සිද්ධි ඉදිරියේදී වාර්තා වෙන්න පුළුවන්.”

මේ අටහ්ර ගෙවුණු දිනයේ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තාවුණේ අමෙරිකාවෙන්ය.

එය දෙලක්ෂ හැත්තැ පන් දහසට ආසන්න වෙයි.

මේ අතර ගෙවුණු පැය 24 තුළ එක් රටකින් සිදුවූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ ඉන්දියාවෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 1,218කි.

මේ සමගින් ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 37 කෝටි 79 ලක්ෂය ඉක්මවා ගිය අතර ලොවපුරා වාර්තාවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 56 ලක්ෂ 91 දහසට අධිකය.

මේ අතර අඛණ්ඩව තෙවන දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 1137 දෙනෙකු මෙරටින් වාර්තා විය.

එමෙන්ම කොවිඩ් මරණ සංඛ්‍යාවේද වැඩිවීමක් පෙන්වමින් ඊයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 32ක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ගෙවුණු පැය 24දී මෙරට තුළ PCR පරීක්ෂණ 9,385 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 6,213 ක්ද සිදුකර තිබේ.

මේ අතර කැස්බෑව සුසාන භූමියේ සොහොන් ගෙය තුළ කොවිඩ් රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් 100කට වැඩි පිරිසකට PCR හා ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ බව කියන පුවතක් අද දෙරණට වාර්තා වුනි.

එය සංවිධාන කර තිබුණේ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසිනි.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක අතර දියත උයන පරිශ්‍රයේ ස්ථාපිත යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගැනීමට අද දිනයේ ද විශාල පිරිසක් පැමිණ සිටින අයුරු දැකගත හැකි විය.

එමෙන්ම ජනතාවට බූස්ටර් මාත්‍රාව ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාව දියත් කරන ජංගම එන්නත්කරණ වැඩසටහන අද දිස්ත්‍රික්ක 15කදී ක්‍රියාත්මක කෙරුණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්