Nov
8

අප දකින සියල්ලම සත්‍යද ?

 
756 Views
   
 

කවුරු කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධිය ඇතිව ඇසිය යුතුය යන්න අප අසා ඇත්තෙමු. අද විවිධ මාර්ග ඔස්සේ සමාජ ගතකරන බොහෝ අසත්ය එසේ සිහිබුද්ධියෙන් අප අසනවාද ?

කරන්නන්වාලේ තමන්ගේ ප්රතිරූප පුම්බාගැනීමේ පරම පවිත්ර චේතනාවෙන් අද බොහෝ දෙනෙක් සමාජයේ කැපී පෙනෙන චරිත වීමට උත්සාහ දරයි. ගොවි ජනතාව අතරට යන බව අඟවමින් සමහරු ගොවි නායකයන් ලෙස රජයේ වැඩ පිළිවෙලට විරුද්ධව අදහස් පල කරති. මේ ගොවි ජනතාව අතර ගැවසෙන හුදු උත්ඝෝෂකයින්ම ගුරු වර්ජනයට සහය පලකරති. ඔවුන්ම විදුලි වර්ජනයටද නැත්නම් වෙනත් වර්ජන වලටද සහය පල කරති.

මෙවැනි පුද්ගලයන් හා සංවිධාන මෙන්ම ඉදිරිපත් වන නායකයින්ද පසුපස දේශපාලන හස්ත ක්රියාත්මක වනබව දැන් ඉතා පැහැදිලිව අවබෝධ වී ඇත. කාබනික පොහොර වැඩපිළිවෙළ ක්රියාත්මක කරනවිට “රසායනික පොහොර දියව්” කියා කෑ ගසන උදවියම රසායනික පොහොර දෙන විට වස විස කවනවා යැයි කෑ මොර දෙති. මෙයින් පැහැදිලි වන්නේ යනඑනමං නොමැති වූවා සේ මංමුලා වූවන් සේ සෑම කාර්යකදීම තමාගේ විරෝධය පළ කිරීම මිස හරවත් යමක් රට වෙනුවෙන් කරන බවක් නොපෙනේ.

මේ රටේ වසවිස කවමින් දරුවන් රෝගීන් බවට පත් කිරීමට කවුරුත් කැමති නැත. වකුගඩු රෝහීන් බිහිකරන්නට ද කවුරුත් කැමති නැත . එසේ කැමති අය පමණක් රසායනික පොහොර ඉල්ලා උත්ඝෝෂණය කරන බවක් පෙනේ. දේශපාලන දැනුම යනු ජනතාව අතරට ගොස් නන්දොඩවන්නන් ලෙස කෑගැසීම නොව ප්රශ්ණ දෙස දුරදිග බලා බුද්ධිමත් ව මුහුණ දී ජනතාව වෙනුවෙන් පෙනී සිටීමයි. අද බොහෝ දෙනෙක් අමතක කර ඇති කරුණ වන්නේ මේ රට සිංහල ,දෙමළ , මුස්ලිම් , මැලේ ,බර්ගර් මේ සියල්ලන්ගෙන්ම සැදුම්ලත් සමාජයක් පවතින රටක් බවයි.

රටේ සැබෑවටම පවතින ප්රශ්නය හඳුනා නොගෙන පක්ෂ පාට වලට බෙදී කුලල් කා ගන්නා ජනතාවක් සිටින රටක් ඉදිරියට ඇදගෙන යාමට නායකයකු අමතර වෙහෙසක් දැරිය යුතුය. මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ එය නොවේ. හැකිපමණ සහයෝගය දීමයි. රටේ අභාවය ප්රාර්ථනා කරන ඇතැම් පිරිස් බාධක දමා ගමන ඇහිරීමට උත්සාහ කළද සැබෑ නායකයාට ඒවා දිරිගැවීමක් මිස කඩා වැටීමක් නොවේ.

 

රෂිකා සඳමාලි හෙන්නායක

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්