Sep
26

ප්‍රවේශම් වන්න, දැඩි සුළං සමග වැසි ඇතිවිය හැකියි

 
827 Views
   
 

උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ හටගෙන ඇති ගුලාබ් සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි පැය 24 තුල දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීයර 100 ඉක්මවූ තද වැසි සහ තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර ප්‍රදේශ වලටත් එලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 ක් පමණ දක්වා ඉහළ යා හැකි අතර ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්