Dec
11

සංවර්ධිත රටක් උදෙසා ජනාධිපතිවරයාගේ උපායමාර්ගික තීරණ

 
1740 Views
   
 

රටක සංවර්ධන ව්යාපෘති වේගවත් කිරීම සඳහා විවිධ උපාය මාර්ග යෙදීමට පාලකයන්ට සිදු වේ. ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව,මැලේසියාව වැනි රටවල් ආර්ථික වශයෙන් ලොව දියුණුම රටවල් බවට පත් වූයේ එම රටවල හිටපු පාලකයන් එබඳු උපාය මාර්ග භාවිත කොට ඉලක්ක ජය ගත් නිසාය.

සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, මැලේසියාවේ මහතීර් මොහොමඩ් වැනි නායකයන් රාජ්ය පාලනයේදී අදත් ආදර්ශයට ගනු ලබන්නේ ඔවුන්ගේ උපාය මාර්ගවල සාර්ථකත්වය නිසාය. දෙවන ලෝක යුද්ධයේදී බිංදුවට වැටී සිටි ජපානය දසක දෙකක් වැනි කෙටි කාල සීමාවක් තුළ ලෝකයේ දැවැන්ත ආර්ථිකයක් සහිත රාජ්යයක් බවට පත් වූයේ ද එබඳු උපාය මාර්ග නිසාය. ශ්රී ලංකාවට ද එය කළ හැකිය

. ත්රස්තවාදය පරාජය කිරීමේදී මෙන්ම කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී ද අපේ පාලකයන් නව උපාය මාර්ග භාවිත කර ඇත. කොවිඩ් පාලනය සම්බන්ධයෙන් දකුණු ආසියාවේ ආදර්ශවත් රාජ්යය ශ්රී ලංකාවය. ඒ පිළිබඳ විවාදයක් නැත. ලෝක සෞඛ්ය සංවිධානය පවා ඒ බව ප්රකාශ කර තිබේ.

කලාපයේ බලවතා වූ ඉන්දියාවට පවා කොවිඩ් පාලනය අතින් අපට සමාන වීමට හැකියාවක් ලැබී නැත. ශ්රී ලංකාවේ මුළු ජනගහනයෙන් 85%කට ප්රතිශක්තිකරණ එන්නත් මාත්රා දෙකම දී ඇත. රටේ මුළු ජනගහනයෙන් 95%කට පළමු එන්නත් මාත්රාව දී ඇත. දියුණු වෙමින් පවතින රාජ්යයක් වුව කොවිඩ් පාලනය අතින් ශ්රී ලංකාව අත්කරගෙන ඇති ප්රගතිය ලොව ධනවත්ම රටවල් අත්කරගෙන ඇති ප්රගතියට සමානය.

මෙබඳු සාර්ථකත්වයක් අපට හිමි වූයේ ජනාධිපතිවරයා ගනු ලැබූ තීන්දු තීරණවල කාලෝචිත බව නිසාය. කොවිඩ් මෙහෙයුම් ක්රියාන්විත මධ්යස්ථානය හරිත කෘෂිකර්මය සඳහා වන ක්රියාන්විත මධ්යස්ථානය බවට පරිවර්තනය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. මෙය බෙහෙවින් කාලෝචිත හා ප්රායෝගික ප්රතිඵල සහිත තීන්දුවක් ලෙස හැඳින්විය හැකිය. කොවිඩ් මර්දනය සඳහා සෞඛ්ය අංශවලට හමුදාව දුන් සහයෝගය මේ අනුව හරිත කෘෂිකර්මය සඳහා කෘෂිකර්ම අමාත්යාංශයට ලැබෙනු ඇත.

කාබනික ගොවිතැන පිළිබඳ වැඩසටහනේ දී කෘෂිකර්ම අමාත්යාංශය හුදෙකලා වූ බවක් මීට පෙර දක්නට ලැබිණි. අලුත් තීරණය නිසා එම හුදෙකලාභාවය අවසන් වනු ඇත. විපක්ෂය හා වෙනත් දේශපාලන කණ්ඩායම් ජනාධිපතිවරයාගේ තීරණය විවේචනයට ලක් කරන්නට පුළුවන. එය අභියෝගයට ලක් කරන්නටත් පුළුවන. ඒවා ගණන් ගත යුතු නැත.

සාමාන්යයෙන් මෙරට විපක්ෂය යනු කතාවට, විවේචනයට හා බලය ගැනීමට සීමා වූ ඊනියා දේශපාලන ව්යාපාරයකි. කොවිඩ් නිසා රට වසා දමන විට රට අරින්නැයි උද්ඝෝෂණ කිරීමත්, රට විවෘත කළ පසු එය වසා දමන්නැයි උද්ඝෝෂණ කිරීමත් විපක්ෂයේ සිරිත වෙයි. විපක්ෂයේ විවේචනවලට අනුව කොවිඩ් පාලනයට ගියේ නම් මේ වන විට වසංගතය නිසා රට විනාශ වී අවසන්ය. ජනාධිපතිවරයා විවේචනවලට භය නැත. අභියෝගවලට ද භය නැත. පාලකයන් නිවැරැදි, නිර්භීත හා කාලෝචිත පියවර ගත යුතුය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්