Oct
5

ලාම්පු රෙපයාර් කෙරේ

 
495 Views
   
 

බලශක්ති අර්බුදය හමුවේ චීනය, ඉන්දියාව, බ්‍රිතාන්‍ය සහ යුරෝපා රටවල් දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් ඇත.
ලොව ප්‍රකට මූල්‍ය ආයතනයක් වන Goldman Sachs පවසන අන්දමට වත්මන් බලශක්ති අර්බුදය හමුවේ චීනයේ කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් 44% කින් පමණ අඩාල වී ඇත. දකුණු චීනයේ Gunangdong හා උතුරු ප්‍රදේශයේ Heilongjian, Jilin, Liaoning යන පළාත් සහ තවත් දිස්ත්‍රික්ක කීපයක දීර්ඝ විදුලි කප්පාදුවීම් වාර්තා වී ඇත. මෙම දීර්ඝ විදුලි කප්පාදනය හමුවේ චීනයේ ස්ථාපිත ඇපල්, ටෙස්ලා වැනි කර්මාන්තශාලාවල නිෂ්පාදනයන් ඇනහිට ඇත.
විදුලිය සඳහා ඇති ඉල්ලුම ඉහළ යන ශීත සෘතුවේ යුරෝපයේ විදුලි බිල අසාමාන්‍ය ලෙස වැඩි වෙමින් ඇත. විශේෂයෙන්ම ස්පාඤ්ඤයේ විදුලි බිල තුන් ගුණයකින් වැඩි වී ඇත. ස්වාභාවික වායු තොග සහ නැව්ගත තොග අඩු වීම, සූර්ය බල සහ සුළං බල විදුලි නිෂ්පාදනය මන්දගාමී වීම, න්‍යෂ්ටික විදුලි උත්පාදන යන්ත්‍ර නඩත්තු කටයුතු වෙනුවෙන් අක්‍රිය වීම වැනි කරුණු නිසා යුරෝපයේ විදුලි බිල් ඉහළ යාමට හේතු වී ඇත.

බ්‍රිතාන්‍යයේ තෙල් ප්‍රවාහනයට ඇති අවහිරතා හේතුවෙන් මෙන්ම ඉන්දියාවේ ගල් අඟුරු ආකරයන්වල නිෂ්පාදන ක්‍රියාවලියට වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන බාධා සහ ගල් අඟුරු තොග සීඝ්‍රයෙන් පහළ යාම නිසා එම රටවල් ද ඉදිරියේ දී බලශක්ති අර්බුදයකට මුහුණ දීමට ඉඩ තිබේ. ඔපෙක් (OPEC) සංවිධානය තෙල් සැපයුම සීමා කිරීම, බොරතෙල් බැරලයක මිල වසර තුනකට පසු ඩොලර් 80 සීමාවට ලඟා වීම සහ ගෝලීය ප්‍රවාහන අවහිරතා නිසා ගල් අඟුරු, තෙල් සහ ගෑස්වල මිල ඉහළ යමින් ඇත. අතිරේක නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ගනිමින් තෙල් මිල පාලනය කළ හැකි දැයි සොයා බැලීමට ඔපෙක් සංවිධානය හා බැඳි අනෙකුත් රටවල් මේ සතියේ රැස්වීමට නියමිතය.
විවෘත ආර්ථිකය හමුවේ ලෝක බලවතුන්ට සුළු ඔළුවේ කැක්කුමක් හැදෙනා විට ශ්‍රී ලංකාව වැනි රටවල්වලට උණ සන්නිපාතය වැළඳීම ස්වාභාවිකය.

ශ්‍රි ලංකාව හමුවේ තෙල් හිඟයක් හෝ දැවැන්ත බලශක්ති අර්බුදයක් නුදුරේ පෙනෙන්නට නැත. නමුත් ඔබ 3% කල්ලිය, ස.ජ.බ යේ අවලංගු වු වෘත්තිය සමිති ක්‍රියාකාරීන්ගෙන් මෙන්ම විදෙස් රටවල සිට අංජනම් එළි බලා රට ගිනි තියන්නට බලා සිටින හනුමන්තලාගෙන් ප්‍රවේසම් විය යුතුය. ඔවුන් ලාම්පුරේ ප්‍යාර් කෙරේ මුවාවෙන් ඔබට නොදැනුවත්ව ඔබේ ඔළුව සෙමින් සෝදමින් ඔබව ඉච්ඡාභංගත්වයට පත්කරන්නේ ඔබට හෝ රටට ඇති අමුතු ආදරයකට නොවේ. (සොනාල ගුණවර්ධන)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්