Nov
4

වැරදි ඇසුරක් පවත්වාගෙන ගිය ඥාති සොහොයුරිය අමනාප වුණා යයි 58 හැවිරිදි අයෙක් ගිනි තබාගනී

 
1607 Views
   
 

වසර 10ක් පුරා හදවතින්ම ආදරය කළ ඥාති සොහොයුරිය එම සම්බන්ධය නැවැත්වී යයි කලකිරුණු පුද්ගලයෙකු ඇයගේ නිවස ඉදිරිපිට මාර්ගයට පැමිණ සිරුරට ගිනි තබා ගැනීමෙන් දැඩි පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කළ පුවතක් වාද්දූව පොලිස් බල ප්රදේශයෙන් වාර්තාවේ.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ පානදුර, හිරණ පන්සල පාරේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි. වාද්දුව පොහොද්දරමුල්ල පදිංචිව සිටින විවාහක සමීප ඥාති සොහොයුරියක් සමග බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වසර 10 සිට අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවටයි වාර්ථාවන්නේ.

තුවාලකරු අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා සමීපතම ඥාති සොයුරිය අනියම් සම්බන්ධතාවය මීට මාස 5 කට පමණ ඉහතදී නවතා දමා ඇති බවද පොලිසිය විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ. මෙයින් දැඩි සිත්තැවුලට පත් පුද්ගලයා ඉකුත් 01 වනදා රාත්රී 8.00ට පමණ පෙට්රල් පිරවූ බෝතලයක් සහ ගිනි පෙට්ටියක් රැගෙන ඥාති සොයුරියගේ නිවස අසල මාර්ගයට ගොස් පෙට්රල් ශරීරයට හලාගෙන ගිනි අවුලා ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඒ සමඟම ඔහුගේ මහා විලාප හඬින් අවට නිවෙස් වල පිටතට පැමිණ ප්රදේශවාසීන් ජල ප්රහාර එල්ල කරගෙන ගින්න නිවා දැමුවද ඒ වනවිටත් ඔහු දැඩි පිළිස්සුම් තුවාල ලබා සිට ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්රකාශ කළේ. එම ස්ථානයට වහා දිව ආ ඥාති සොයුරිය “අනේ ඔයා මොකක්ද මේ කරගත්තේ” යනුවෙන් පවසමින් හඬා වැටෙන්නට වූ බවත් ප්රදේශවාසීහු පැවසූහ.

වාද්දුව පොලීසියේ පොලිස් නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව 1990 සුවසැරිය ගිලන් රථයක් ආධාරයෙන් බරපතළ තුවාල ලද පුද්ගලයා නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

පානදුර කොට්ඨාශ වැඩබලන සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනානායක මහතාගේ උපදෙස් මත වාද්දුව පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා යන මහත්වරුන් එක්ව මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්