Feb
26

සිගිති දියණියකගේ පියෙකු බවට පත් ජනප්‍රිය ගායන ශිල්පී සුරේන්ද්‍ර පෙරේරා සිය බිරිඳ සහ දියණිය සමගින් ගෙවන ජීවිතේ

 
780 Views
   
 

ලංකාවේ ගායන ක්ෂේත්‍රය තුළ මෙතෙක් බිහිවුණු ගායන ශිල්පීන් අතුරින් මෙරට ප්‍රසංග වේදිකාවටත් රුපවාහිනී සහ ගුවන්විදුලියටත් කාලයක් නැතිවම බැරිවුණ දක්ෂ ගායන ශිල්පියෙකු තමයි සුරේන්ද්‍ර පෙරේරා කියන්නේ. සිරස සුපර් ස්ටාර් වේදිකාව හරහා මෙරට ගායන ක්ෂේත්‍රයට පිවිසෙන ඔහුට ඉතාමත් කෙටිකාලයක් තුළ අති විශාල ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ බව නොරහසක්

කොහොම නමුත් සිරස සුපර්ස්ටාර් කියල කියන්නේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂයින් මනාව හදුනාගන්නා මෙරට ගායන ක්ෂේත්‍රයට නවක ගායන ශිල්පීන් ශිල්පිනියන් රැසක් හදුන්වා දුන්නු තරගාවලියක්. ඇත්තෙන්ම මේ තරගාවලිය තුළින් මෙරට ගායන ක්ෂේත්‍රයට මේවෙනකොටත් විශාල ගයන ශිල්පීන් පිරිසක් හදුන්වා දී තිබෙනවා. ඉතින් සුරේන්ද්‍ර පෙරේරා කියන්නෙත් ඒ විදිහට මෙම තරගාවලියෙන් රටම හදුනාගත් ජනප්‍රිය ගායකයෙකු තමයි

කෙසේවෙතත් ජෝතිපාල මහතා ගායනා කරන ලද ගීත ගොන්නක් ඔහු විසින් ගායනා කළ අතර ජෝතිපාල මහතාට ආදරේ කරන රසිකයින් රැසක් සුරේන්ද්‍රගේ ගීත අහන්නට ප්‍රිය කරනවා. ඉතින් මේ විදිහට ගීත ගායනා කළ ඔහු කාලයක් ක්ෂේත්‍රය තුළ අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබුනත් වර්තමානයේදී ඔහුව අපට වැඩිය දකින්නට ලැබෙන්නේ නැහැ

ඉතින් කාලයක් අපට නිරන්තරයෙන් අසන්නට ලැබුණු මේ සුමිහිරි කටහඩේ හිමිකරුගේ අලුත් විස්තර ටිකක් සොයලා බලන්න හිතුවා. මොකද ඔහුව මේ දිනවල අපට වැඩිය සමාජ ජාලා මාධ්‍ය තුළත් දැකගන්නට ලැබුනේ නැහැ. කොහොම නමුත් සුරේන්ද්‍ර මේවෙද්දී විවාහකයි. ඔහු විවාහවෙන්නේ මීට වසර කිහිපයකට පෙරයි. ඒ විතරක් නොවෙයි ඔහු මේවෙනකොට ආදරණිය සැමියෙක් වගේම පුංචි දරුවෙකුගේ ආදරණීය පියෙක්ද වෙනවා

කෙසේවෙතත් සිය විවාහයෙන් අනතුරුව ඔහු බිරිඳ සහ දරුවා සමගින් සුන්දර ජීවිතයක් ගත කරනවා. කොහොම නමුත් සුරේන්ද්‍ර ටික කාලෙකට කලින්නම් කියල තිබුනේ විවාහවීමට තමන් වැඩි කැමැත්තකින් පසු නොවන බවයි. නමුත් කාලයත් සමගම හැමදෙයක්ම වෙනස් වෙලා ඔහු ආදර සබදතාවයකින් පස්සේ විවාහවෙනවා

ඒ කොහොම උනත් සුරේන්ද්‍ර වගේම ඔහුගේ බිරිදත් කියන්නේ දෙදෙනාම ගොඩක් කාර්‍යබහුල නොවී නිදහසේ කාලය ගතකරන්න ඕන කියලයි. කෙසේවෙතත් ඔහුව අපට වැඩිය සංගීත ප්‍රසංගයන් තුළින් දැකගන්නට ලැබෙන්නේ නැත්තේ වර්තමානයේ රටේ ඇතිව තිබෙන වාතාවරණයයි. ඉතින් ඉදිරියේදී සුමිහිරි කටහඩකට හිමිකම් කියන ඔහුව නැවතත් ප්‍රසංග වේදිකාව තුළින් දැකගන්න ලැබේවි කියලා අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්