Sep
7

‘අපි එහේ ගියේ උදේ හතට විතර, කවුරුත් හිටපු නැති නිසා ෂූට් කරන්න චාන්ස් එක ලැබුණා’ – අන්තර්ජාලය ගිනිබත් කළ පහන්තුඩාවේ වීඩියෝවේ සිටි යුවළ හෙළි කළ වෙනස්ම කතාව

 
776 Views
   
 

සුන්දර පහන්තුඩාව දිය ඇල්ල සමීපයේ අඹු – සැමියන් සේ නි රුවතින් හැසිරෙමින් රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ නිල් වීඩියෝව ප්‍රධාන වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජජාලා අ පරාධ විමර්ශන ඒකකය කටයුතු යොදා තිබෙනවා.

ජාත්‍යන්තර වෙබ් අඩවියක විද්‍යා සුරිකා නමින් පවත්වාගෙන ගිය ගිණුම මෙසේ තහනමට ලක්කර ඇති බව සඳහන්. මේ අතර මෙම නි රුවත් දර්ශන රැගත් වීඩියෝව සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් යුවළ විසින් පහන්තුඩාව ඇල්ල අසල රූගත කර ඇත්තේ ඉකුත් අගෝස්තු මස 12 වැනිදා බවද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

අත් අඩංගුවට ගෙන ඇති සැකකරු හා සැකකාරිය එදින අලුයම හතරට පමණ සැකකරුට අයත් මෝටෝ රියෙන් පහන්තුඩාවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් පහන්තුඩාවට ළඟා වී ඇත්තේ උදෑසන හතට පමණ. ඒ මොහොතේ පහන්තුඩාව ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්වී තිබුනා. ඒ නිසා ඔවුන්ට නි රුවත් වීඩියෝව රූගත කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

පැය කිහිපයක් තිස්සේ එලෙස රූගත කළ නි රුවත් දර්ශන කොළඹ පැමිණීමෙන් පසු සංස්කරණය කර විදේශීය වෙබ් ජාලයට මුදාහැර තිබෙනවා. මෙම ගමනට මේ සැකකරු හා සැකකාරිය හැරෙන්නට වෙන කිසිවකු එක් වී නැ හැ. සිද්ධිය දැන සිටියේද ඒ දෙන්නාම පමණක් බව සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය පවසනවා.

පැය 48ක් ඇතුළත මෙම වීඩියෝවේ නි රුවතින් රඟපෑ දෙදෙනා කොටුකර ගැනීමට එම ඒකකයේ පොලිස් පරීක්ෂක ජයශ්‍රී ඇතුළු කණ්ඩායමට හැකි වුණා. මේ අතර මෙම සිද්ධියෙන් අගතියට පත් යුවළක් ගැන මාධ්‍ය මඟින් කරුණු හෙළිකර සිටියද මෙතෙක් ඒ සම්බන්ධයෙන් පරිගණක අ පරාධ විමර්ශන ඒකකයට කිසිදු පැමිණිල්ලක් ලැබී නැ තැ යිද වාර්තා වනවා.

නි රුවත් වීඩියෝව නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, ඡායාරූපකරණය හා රඟපෑම ප්‍රධාන සැකකරු විසින්ම සිදුකර ඇති බවද අනාවරණය වී තිබෙනවා. පොලිස්පතිවරයාගේ අධීක්ෂණය මත අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අශෝක කරුණාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අ පරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයාශ්‍රී ඇතුළළු කණ්ඩායමක් සැකකරු හා සැකකාරිය අත් අඩංගුවට ගනු ලැබුවා.

කීර්ති මෙන්ඩිස් (මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “මව්බිම” පුවත්පතෙනි)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්