Apr
6

තව මාස 2කින් මමත් තාත්තා කෙනෙක්, රට වෙනුවෙන් මාත් පාරට බැස්සා

 
897 Views
   
In-two-months,-I-too,-a-father,-will-take-to-the-streets-for-the-country  

සජිත ඇන්තනි කියන්නේ කුඩා කාලයේ ඉඳලාම අපේ රටේ කළා ක්ෂේත්‍රයට සම්බන්ද වෙලා කටයුතු කරන කෙනෙක්. මව සහ පියාගෙන් ලැබුණු ආභාෂයත් උපතින්ම ලැබුණු හැකියාවත් නිසා සජිත අද වෙනකොට ලංකාවේ ජනප්‍රියම නලුවා සම්මානයත් දිනාගෙන ඉන්නවා.  මේ දවස්වල නම් සජිත්ට හැමෝම කියන්නේ සරා කියලා. නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ චරිතය නිසා ඔහු අද ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්නවා. ඒ වගේම සජිත ගැන සුභ ආරංචියකුත් පසුගිය කාලයේ අසන්නට ලැබුනා. ඒ තමයි ඔහු තාත්තා කෙනෙක් වෙන්න සුදානමින් ඉන්නවා කියලා.

ඒ වගේම මේ දිනවල රටේ පාලකයන් නිසා ඇතිවෙලා තියන තත්වය ඉවසා ගන්න බැරුව හැම නගරයකම මිනිස්සු පාරට බැහැල තමන්ගේ විරුද්දත්වය ප්‍රකාශ කරනවා. ඒ කිසිම පක්ෂයක් නියෝජනය කරමින් නෙවෙයි, අපේ රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් මේ පාලකයින් ඉවත් කරන්න ඕන නිසා. ජනතාව ඒ විදියට පාරට පහිද්දී ජනප්‍රිය කලාකරුවන් හැම කෙනෙක්මත් එකතු වෙලා ඉන්නවා. ඊයේ දවසේ සජිත ඇතුළු කලාකරුවන් බොහෝ දෙනෙක් කොළඹට එකතු වෙලා තිබුනා.

එහිදී අදහස් දැක්වූ සජිත කිව්වේ මෙහෙම කතාවක්. මාත් හැට නව ලක්ෂෙක් එක්කෙනෙක් තමයි, හැබැයි මෙතනින් එහාට කිසිම පක්ෂකට කඩේ යන්නේ නැහැ. අපි මේ රට ඉතුරු කරගන්න ඕනේ, මටත් දරු පැටියෙක් හම්බ වෙන්න ඉන්නවා තව මාස දෙකකින්. මේ වගේ රටකට දරු පැටියෙක් බිහි කරන්න මට ඕනේ නැහැ. රටට යහපතක් කරන්න අපි පාරට බැස්සේ, එතනින් එහාට වෙන කිසිම දෙයක් නැහැ. මේ සිස්ටම් එක චේන්ජ් කලේ නත්නත් තව පරම්පරා ගානකට දු, ක් විදින්න වෙන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්