Jun
12

ධීවරයින්ට හා නාවිකයින්ට දැනුම්දීමක්

 
1323 Views
   
 

‍වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීම හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල නිරතවීමේදී අවධානයෙන් පසු වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් එම ප්‍රදේශයේ වර්ධනය වී බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඉදිරි කාලය තුළ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මීගමුව සිට පුත්තලම හා මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යාමේ හැකියාව පවතී.

මේ අතර බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඉදිරි කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්