Mar
5

ලංකාව දාලා කොහේවත් යන්නේ නෑ – සංගීත් සතරසිංහ

 
895 Views
   
I will not leave Sri Lanka for anywhere - Sangeeth Satharasinghe  

සංගීත්ට පුංචි කාලයට යන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් සංගීත් යන්න කැමති?

එහෙම යන්න අවස්ථාවක් ලැබුණොත් මම මගේ පාසල් කාලයට යන්න ආසයි. මම ඉගෙන ගත්තේ කොළඹ තර්ස්ටන් විදුහලේ. ඒ පාසල් කාලය හරි සුන්දරයි. පාසලේ සාමාන්‍ය පෙළ කාලයට මම හරි කැමතියි. ආයෙත් පාසල් කාලයට ගිහින් ඉගෙන ගන්න නම් ආසා නැහැ. පාසල් කාලයේදි අපි නාට්‍ය කළා. ක්‍රීඩා කළා. පාසල් තරගවලට ඉදිරිපත් වුණා. ඒ කාලෙදි අපි ජීවිතේ මාර විදිහට වින්දා. ගොඩක් අත්දැකීම් ලැබුවා. ඒ ලබපු අත්දැකීම් ආයෙමත් ලබාගන්න ආසයි.

නොහිතපු මොහොතක සංගීත්ව කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

කලා ක්ෂේත්‍රයෙන් මම ප්‍රතික්ෂේප වුණොත් එහෙම ප්‍රතික්ෂේප වෙන්න හේතු වුණු කරුණු මොනවද කියලා හොයලා බලනවා. ඒවා නිවැරදි කරගෙන ආයෙත් කලා ජීවිතය පටන් ගන්න උත්සාහ ගන්නවා. ඒ වගේම කලා ක්ෂේත්‍රය නැතිවුණා කියලා මම කඩා වැටෙන්නේ නැහැ. මට කරන්න වැඩ ඕනෑ තරම් තියෙනවා.

සංගීත්ට නොකරපු වරදකට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

එහෙම නොකරපු වරදකට මට දඬුවමක් ලැබුණොත් මගේ හිත රිදේවි. මට කේන්ති යාවි. නමුත් ඒ වැරැද්ද නිවැරදි කරලා පෙන්වන්න උත්සාහ ගන්නවා. මම වරදක් නොකර මට දඬුවමක් ලැබුණොත් උඩ ඉන්න දෙවියන් ඒකට ප්‍රතිඋත්තරය ඒ අදාළ කෙනාට දෙන බව මට විශ්වාසයි.

ඔබට දේශපාලනයට පිවිසෙන්න අවස්ථාවක් සහ ආරාධනාවක් ලැබෙනවා. එහෙම වුණොත් ඒ ආරාධනාව පිළිගන්නවද?

මම දේශපාලනයට කැමති කෙනෙක් නෙමෙයි. නුමුත් සමහර දේවල් අපේ ඇස් පනාපිට දකිද්දි, ඒ දේවල් වෙනස් කරන්න අපිට පුළුවන් කියලා හිතෙන අවස්ථාවක් ලැබුණොත් මම ඒ දේ කරනවා.

හිතපු නැති වෙලාවක සංගීත්ට කෝටි ගණනක ලොතරුයියක් ඇදෙනවා. එහෙම වුණොත් ඒ මුදලට මොකද කරන්නෙ?

එහෙම ලොකු ලොතරැයියක් ඇදුණොත් කරන්න දේවල් ගොඩක් තියෙනවා. මුලින්ම මගේ අම්මා තාත්තා ගැන බලන්න ඕනෙ. ඒ වගේම මට යම් ස්ථාවර දෙයක් කර ගන්නවා. ඒ වගේම මගේ වටේ සහ මම දකින කොට්ඨාස කිහිපයක් ඉන්නවා. මට හැමෝටම උදව් කරන්න අමාරුයි. මට පුළුවන් වපසරිය ඇතුළත මම උදව් කරනවා. මම ඉගෙන ගන්න පොඩි දරුවන්ට උදව් කරන්න කැමතියි. කොළඹින් පිට මහ ලොකු දුරක් නොගියාට අහිංසක අසරණ හරියට අධ්‍යාපනයක් ලබාගන්න බැරි ආර්ථික අපහසුතා තියෙන දරුවන් ඕන තරම් ඉන්නවා. ලොතරැයියක් ඇදුණොත් ඒ වගේ දරුවන් පිරිසක් තෝරාගෙන උසස් පෙළ දක්වා උගන්වනවා.

ජීවිතේ වෙච්චි සමහර සිදුවීම් අමතක කරලා දාන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරලා දාන්නෙ?

අතීතයේ තේරැමක් නැති හැම දෙයක්ම මේ වෙද්දි මම අමතක කරලා ඉවරයි. ඒ නිසා එවැනි අවස්ථාවක් ඇත්තටම අවශ්‍ය නැහැ. ආයෙත් එහෙම අවස්ථාවක් ලැබුණොත් ජීවිතේ පැරදුණු තැන් අමතක කරලා දානවා.

කලා ක්ෂේත්‍රයට අමතරව වෙනත් ක්ෂේත්‍රයක් හදාරන්න සංගීත්ට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් සංගීත් හදාරන විෂය මොකක්ද?

මම හෝටල් ක්ෂේත්‍රයට හරි කැමතියි. ඒ නිසා ඒ සම්බන්ධව වැඩිදුර ඉගෙන ගන්නවා.

සංගීත්ට අධ්‍යක්ෂණයට පිවිසෙන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත්?

අධ්‍යක්ෂණයට පිවිසෙන්න අවස්ථාවක් ලැබුණොත් ඒක මම හරිම ආසාවෙන් කරනවා. නමුත් ඒ වෙනුවෙන් නිවැරදි හැදෑරීමක් කළ යුතු වෙනවා. ඒ දේ සම්බන්ධයෙන් බොහෝ දේ ඉගෙන ගන්න ඕනෙ. මම තවමත් ඒ දේවල් ඉගෙන ගන්නවා. අධ්‍යක්ෂණයට ලොකු අත්දැකීම් සම්භාරයක් ඕන වෙනවා. මම රංගන ශිල්පියෙක්. රංගනයේ යෙදෙන ගමන් අධ්‍යක්ෂණය ගැන හෙමිහිට අතපත ගාමින් යනවා. හැබැයි ඒක පුළුල් විෂයක්.

අද පවතින ආර්ථිකයත් සමඟ බොහෝ තරුණ තරුණියන් විදෙස්ගත වෙනවා. සංගීත්ට හොඳ රටක, හොඳ වැටුපකට, හොඳ රැකියාවකට ආරාධනා ලැබෙනවා. එහෙම වුණොත් රට දාලා යයිද?

නැහැ. මම යන්නෙ නැහැ. මම රඟපාන එක විතරක් කරන කෙනෙක් නෙමෙයි. මම රංගනයෙන් පමණක් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මම ඡායාරූප ශිල්පියෙක්. අපේ පවුලේ ව්‍යාපාර තියෙනවා. ඒ දේවල් නිසා යම් ආදායමක් ලැබෙනවා. ඒ නිසා මට රට දාලා යන්න බැහැ.

දිශානි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්