Jun
1

චන්දිමාල්ගේ සාදය තිබු හෝටලයටත් වැඩ වරදී

 
1911 Views
   
 

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන් දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් ලබාදුන් කොළඹ පිහිටි තරුපහේ හෝටලයේ කළමනාකාරීත්වයට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පහේ හෝටලයක් තුළ සිය උපන් දින සාදය පැවැත්වීමේ චෝදනාව මත ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි ඊයේ (31) අත්අඩංගුවට ගත් අතර, පසුව ඔවුන් ඇප මත මුදාහැරුණා.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ එම උපන් දින සාදයට සහභාගි වූ තවත් 20 ත් 25 ත් අතර පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

ඔවුන්ගෙන් 12 දෙනෙකු පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්