Jan
20

ලෝක තරුණ සමුළුවක් ශ්‍රී ලංකාවේදී

 
1826 Views
   
 

මේ වසරේ ශ්රී ලංකාව තුළ තරුණ සමුළුවක් පැවැත්වීමට නියමිත බව අමාත්ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ජූලි සහ අගෝස්තු යන මාසයන් වලදී එය පැවැත්වීමට නියමිත බවයි

මේ අනුව තරුණ පාර්ලිමේන්තුව හරහා ලෝක තරුණ සම්මේලනය මීගමුව සහ කොළඹ කේන්ද්ර කර ගනිමින් පැවැත්වීමට මේ වනවිටත් සාකච්ඡා පවත්වමින් කටයුතු සංවිධානය කරමින් සිටින බව අමාත්යවරයා පවසයි.

මෙහිදී සුවිශේෂී කාරණා කීපයක් ඇති බවත්, තීරණය සියල්ල ගැනීමෙන් පසු ශ්රී ලාංකීය ජනතාවත් , ලෝකවාසී තරුණ ප්රජාවත් දැනුවත් කිරීමට සූදානම් බව අමාත්යවරයා පැවසීය.

මෙහිදී විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ කොවිඩ්19 වසංගතය ත් සමගින් අපේ රට සහ ලෝකය ඉදිරියට යන කාලසීමාවක් බැවින් , මේ කාලසීමාව තුළ තරුණ තරුණියන් වෙත සුවිශේෂී වගකීමක් ඇති අතර එම වගකීම ඉටුකිරීමට ශක්තිමත් විය යුතුය .

මේ වනවිට සංචාරක ව්යාපාරය විවෘත වී ඇති අතර යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජනයක් සිදු කර ඇත. එසේම ලෝක තරුණ තරුණියන් වෙනුවෙන් යම්කිසි සාධාරණයක් ඉටුකිරීමට මෙයින් බලාපොරොත්තු වේ.

මෙහිදී ලොකයේ නන් දෙසින් මෙරටට පැමිණ ගෝලීය උෂ්ණත්වය , පුනර්ජනනීය බලශක්තිය නිශ්පාදන පිළිබඳ, රැකියා උත්පාදනය පිළිබඳ , කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවූ මානසික ආතතිය පිළිබඳ තොරතුරු හුවමාරු කිරීම පිළිබඳවත් , මේ සියල්ලම පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමටත් , ශ්රී ලංකාවේ ඇති සුන්දරත්වය සමඟ සංචාරක ගමනාන්තයක් කර ගැනීමටත් අපේ සංස්කෘතික ලෝකය ගෙන ගොස් එහි වටිනාකම ලොවට බෙදා දීමටත් මෙමඟින් බලාපොරොත්තු වේ.

තරුණ අමාත්යවරයක් ලෙස නාමල් රාජපක්ෂ මැතිතුමා මේ සඳහා විශාල කැපවීමක් කරන අතර මෙයින් අප රටේ තරුණ තරුණියන් හට සුවිශේෂී අවස්ථා කීපයක්ම හිමිවනු ඇතැයි අමාත්යවරයාගේ බලාපොරොත්තුවයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්