Jul
26

මම දැන් ගොවිතැන් කටයුතු කරගෙන ඉන්නවා තනි ගමනක් යන එක මේ වෙලාවේ හොඳයි කියලා තමයි හිතෙන්නේ – ජූඩ් රොගන්ස්

 
368 Views
   
 

කොරෝනා තත්ත්වය හේතුවෙන් රටේම සංගීත ප‍්‍රසංග ත’හනම් වෙද්දී සංගීත කණ්ඩායම් සහ ගායන ශිල්පීන් ඉතාම අ’සරණ තත්ත්වයකට පත්වුණා. මේ නිසා ගොඩක් සංගීත ශිල්පීන් සහ ගායන ශිල්පීන් වෘත්තීය සංගීත කලාවෙන් ඉවත් වෙලා වෙනත් වෙනත් ක්‍ෂේත‍්‍රවලට යොමුවුණා. අද ඔබට ගෙන එන්නේ එවැනි කලාකරුවෙක් ගැන. ඒ තමයි ජූඩ් රෝගන්ස්. සීදුව සකුරා සංගීත කණ්ඩායම හරහා ගායන ක්‍ෂේත‍්‍රයට පිවිසෙන ජූඩ් හොරෙන් බලා කියා පාන දේට වඩා” අම්මා කියලා බහ තෝරනා” හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ” වෙන් වෙන්නට හිත කීවත්” ළඟ ඉන්න පැතුවාට මට ළං වෙලා වැනි ගීත රැසක් හරහා ඉතාම ජනප‍්‍රියයි. ඉතින් මේ දිනවල මොනවද කරන්නේ කියලා ජූඩ් සති අන්ත පුවත්පතකට කියලා තිබුනෙ මේ විදියට.

 

මේ දවස්වල ප්‍රසංග නැති නිසා ගොවිතැන් කටයුතු කරනවා කියලා තමයි ඔහු විශේෂයෙන් කියලා තිබුණේ.  ඔහුගේ තාත්තා දුම්කොළ ගොවියෙකු බවත්, බිරිඳගේ තාත්තා බුලත් ගොවියෙකු බවත් පවසන ඔහු තාත්තා සමග කාලයක් දුම්කොළ වගා කරලා තියෙනවා. දැන් බිරිඳගේ පියා සමග බුලත් වගා කරන බව පැවසූ ඔහු වැඩිදුරටත් කීවේ  කුලියාපිටිය සහ හෙට්ටිපොල අතර මෙම වැවිලි කර්මාන්තය සිදුකරන බවයි.

 

පුවත්පත් මාධ්‍ය වේදියා ජූඩ් දිගටම ගොවියෙක් විදියට ඉඳීවිද කියලා ඇහුව ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඔහු පවසලා තිබුනේ ඒහෙම වෙන්නත් පුළුවන් කියලා.  අලුතින් ජෝතිපාල මහත්මයාගේ පුංචි දෝණි තරහා වෙලා ගීතය රී මේක් කළ බවත් පැවසූ ඔහු සඳහන් කළේ, පළමු නිර්මාණයට කිසිම අසාධාරණයක් නොවන අයුරින් එය සිදුකළ බවයි.

 

ඔහු දමිළ ජාතිකයෙකු නිසා දමිළ හින්දි ගායනයට හැකියාවක් තිබෙන බව පැවසූ ඔහු සඳහන් කළේ ඔහු කුඩා අවධියේ හැදී වැඩුන කොච්චිකඩේ ප්‍රදේශයේදී නිතරම දමිළ, මලයාලම් සංගීතවය ඔහුට ඇසුන බවත් ඒ හරහා එම ගීත ගායනයට යොමුවූ බවත්ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්