Jun
9

අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලයෙන් අලෙවි කරලා

 
1806 Views
   
 

වසය අවුරුදු15 මාස 9ක දැරිවියක් අන්තර්ජාලය හරහා අලෙවි කළ පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක වෙත ලැබුණ තොරතුරක් අනුව කළ විමර්ශනයකින් අනතුරුව සැකකරු ඊයේ (08දා) අත් අඩංගුවට ගෙන තිබේ ගල්කිස්සෙ පදිංචි අවුරුදු 35ක පුද්ගලයෙක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහල් නිවසක් කුලියට ගෙන මෙම දැරිවිය විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බවට වාර්තා වී තිබේ.

දෙල්ගොඩ පදිංචි මෙම දැරිය මවගෙන් ලබාගෙන මෙම ක්‍රියාවේ යොදවා ඇති අතර සද්ධිය සම්බන්ධයෙන් මවගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ. සැකකරු පසුගිය මාස තුනක කාලයේදි මෙම දැරිවිය විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති අතර එසේ එම දැරිවියව  මිලදී ගත් පුද්ගලයන් සොයා මේ වන විට පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ. සැකකරු මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අන තුරුව එළැඹෙන ජුලි 08 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්