Jun
4

මාධවී ඇන්තනී ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට

 
3896 Views
   
 

චන්දිමාල් ජයසිංහගේ  උපන්දින සාදයට සහභාගී වූ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර එම උපන්දින සාදයට එක්වූ තවත් හය දෙනෙකු කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අතර ප්‍රවීණ චිත්‍රපට නළු ජැක්සන් ඇන්තනීගේ දියණියද සිටින බවයි වාර්තා වන්නේ. මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ථ සංඛ්‍යාව 21ක්.

කෙසේ වෙතත් තවත් එක් පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ සඳහා මේ වනවිටත් අදාළ හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

1

 

2

 

3

 

4

hirunews.lk
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්