සෑම රටකම සංවර්ධන ව්යාපෘතීන් වේගවත් කිරීම සඳහා විවිධ උපාය මාර්ගික ක්රම පාලකයන් විසින් සිදු කරනු ලැබේ. සිංගප්පූරුව, මැලේසියාව, ජපානය, දකුණු කොරියාව වැනි රටවල් ආර්ථික වශයෙන් ලොව දියුණුම රටවල් බවට පත්වූයේ එම රටවල්වල සිටි පාලකයන් එවැනි උපායමාර්ග භාවිත කොට ඉලක්කය ජය ගත් බැවිනි. දෙවන ලෝක යුද්ධයෙන් කඩා වැටුන ජපානය දශක දෙකක් වැනි කෙටි කාලසීමාවක් තුළ ලෝකයේ දැවැන්ත ආර්ථිකයක් සහිත රාජ්යයක් බවට පත් වූයේද, එබඳු උපායමාර්ග නිසාය. ත්රස්තවාදය පරාජය කිරීමේ දී මෙන්ම කොවිඩ් වසංගතය පාලනය කිරීමේ දී ද, අපේ නායකයන් නව උපාය මාර්ග භාවිතා කරන ලදී. ඒ අනුව ලොව බොහෝ රටවල් මෙන්ම ශ්රී ලංකාවට ද උපායමාර්ග භාවිත කිරීම තුළින් ඉලක්කගත ආර්ථික සංවර්ධනය ළඟා කරගත හැකිවනු නොඅනුමානය.
ලෝක සෞඛ්ය සංවිධානය පවා පිළිගන්නා පරිදි කොවිඩ් පාලනය සම්බන්ධයෙන් දකුණු ආසියාවේ ආදර්ශමත් රට ශ්රී ලංකාව වේ. මෙබඳු සාර්ථකත්වයක් අපට හිමි වූයේ ගරු ජනාධිපතිතුමන් විසින් ගනු ලැබූ තීන්දු තීරණවල කාලෝචිතභාවය නිසාවෙනි. කොවිඩ් මෙහෙයුම් ක්රියාන්විත මධ්යස්ථාන හරිත කෘෂිකර්මය සඳහා වන ක්රියාන්විත මධ්යස්ථාන බවට පරිවර්තනය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. මෙයද බොහෝ විට කාලෝචිත හා ප්රායෝගික ප්රතිඵල සහිත තීන්දුවක් ලෙස හැඳින්විය හැකිය. කොවිඩ් මර්දනය සඳහා සෞඛ්ය අංශ වලට හමුදාව දුන් සහයෝගය මේ අනුව හරිත කෘෂිකර්මය සඳහා කෘෂිකර්ම අමාත්යංශයට ලැබෙනු ඇත.
කාබනික ගොවිතැන පිළිබඳ වැඩසටහනේ දී කෘෂිකර්ම අමාත්යාංශය හුදෙකලා වූ බවක් මින් පෙර දක්නට ලැබුණ ද නව තීරණය හේතුවෙන් හුදෙකලා භාවය අවසන් වනු ඇත. කෘෂිකාර්මික ක්ෂේත්රය දුර්වල වුවහොත් කොවිඩ් පාලනයෙන් අත්පත් කරගත් සාර්ථකත්වය පළුදු වනු ඇත. ඇතැම් ප්රදේශ වල මහ කන්නයේ වගා කටයුතු මේ වන තෙක් ම ආරම්භ කොට නැත. එයට හේතුවූයේ පොහොර පිළිබඳ තිබූ ගැටලුව වේ. ආනයනය කළ පොහොර ටික පවා ගොවීන් අතර නිසි කලට බෙදාහැරීමට නිලධාරීන් සමත් වූයේ නැත. කාබනික වගාව ජනතාව අතර විවේචනයට ලක් වන්නට වූයේ රාජ්ය නිලධාරීන් එහි මෙහෙයුම් කරුවන් බවට පත් නොවූ නිසා බව බොහෝ පාර්ශව වල පිළිගැනීම වේ. එම තත්ත්වය වෙනස් කිරීමට කාලය එළඹ ඇත.
තරුණ ප්රජාව කෘෂිකර්මය සඳහා යොමු කරමින් කෘෂිකාර්මික ක්ෂේත්රයෙන් නගා සිටු වීමට වෙර දැරූ අතීතයක් අපට ඇත.එම ක්රියාන්විතය ගොවි හමුදාව යන සංකල්පය මත දියත් වූ වැඩපිළිවෙළක් වේ. ඒ අනුව එදා තරුණයා වාරිමාර්ග ප්රතිසංස්කරණය කරමින් කැළෑ හෙළි කරමින් කෘෂිකර්මයේ නවෝද්යා ඇති කළහ. පසුකාලයකදී එම සංකල්ප අතහැර දමනු ලැබූ අතර, එය අනුවණ තීන්දුවක් ලෙස බොහෝ දෙනා පෙන්වා දුන්හ. රටකට සාර්ථකත්වය ළඟා කර ගැනීමට නම් සාමූහිකත්වයෙන් ඉලක්ක කරා ගමන් කිරීමට සිදු වේ. ප්රමාද වීමට කාලයක් අපට ඉතිරිව නැත.
අවශ්ය මොහොතේ අවශ්ය තීන්දු තීරණ ගැනීම වේ. හරිත කෘෂිකර්මය පිළිබඳ ක්රියාන්විත මධ්යස්ථාන පිහිට වීම ද එවැනි තීන්දු තීරණ ක්රියාත්මක වීමේ ආරම්භයක් වේ. රටෙ ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසය හා ගෞරවය ජනතාව තුළ තිබේ. රණවිරුවා යනු ගෞරව නාමයෙන් ආරක්ෂක නිලධාරීන් හැඳින්වීමට ජනතාව පෙළඹී ඇත්තේ ඒ නිසාය රට මුහුණ දී ඇත්තේ අසීරු අවස්ථාවකට ය. එයින් ගොඩ යෑම සඳහා වේගවත් ක්රියාන්විත අවශ්ය වේ. හරිත කෘෂිකර්මය සඳහා ද වේගවත් ක්රියාන්විතයක් ඇරඹීම මෙය වේ.