Jul
27

දිනක වැඩිම එන්නත්කරණය ඊයේ

 
975 Views
   
 

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනක් තුළදී ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් හාරලක්ෂ 37,878 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් තුන්ලක්ෂ 56,628 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 55,722 ක්.

එසේම, ඊයේ දිනයේදී මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 25,240 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ෆයිසර් එන්නත් මාත්‍රා 108 ක්ද ඊයේ ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළා.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව හැත්තෑ අට ලක්ෂ 39,638 ක් වන අතර, මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව දහඅට ලක්ෂ 82,693 ක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්