Oct
21

“නිරූපණ ක්ෂේත්‍රය නරක තැනක් නොවෙයි”

 
834 Views
   
 

විවාහක රූ රැජිනක් ලෙස කිරුලූ පළන්ඳමින් ශේස්ත්රයට පිවිසි ඇය, “ඉස්සරහට යන්න”, “තණමල්විල කොල්ලෙක්” වැනි ටෙලි නාට්ය තුළින් ප්රේක්ෂක ආදරය දිනා ගත්තාය. එසේම නිවේදිකාවක් ලෙස කටයුතු කරන ඇය මේ දිනවල “සකර්ම” සහ “මල් පිපෙන කාලේ” යන ටෙලි නාට්ය තුළින් ඔබට දැකගැනීමට පුළුවනි. ඇය නමින් ශ්රීමාලි ෆොන්සේකාය.

කොහොමද මේ දවස්වල ජීවිතේ ? 

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. “ෂැඩෝ” සහ “මල් පිපෙන කාලේ” කියන ටෙලිනාට්ය දෙකෙහි රූගත කිරීම් මේ දිනවල සිදු වෙනවා.

සකර්මහි සුමාලිගේ චරිතය ගැන කතා කළොත් ? සුමාලිගේ චරිතය ශ්රීමාලිට අභියෝගයක් වුණාද ? 

මුලින්ම චරිතය භාරගන්න විට මට සිතුණේ මේ චරිතය මට අභියෝගයක් වෙයි කියලා. නමුත් මම චරිතය කරගෙන යන විට චරිතයත් සමග ජීවත් වන විට එය විශාල අභියෝගයක් වුණේ නැහැ. සකර්ම අධ්යක්ෂ ප්රියන්ත ප්රනාන්දු මහත්මයාගේ මඟ පෙන්වීම සහ සහයෝගය වගේම සෙසු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ සහයෝගයත් මට ලැබුණා. ඒ වගේම අපි රූගත කිරීම් සිදු කළේ යාපහුව, මහව ප්රදේශවල. ඒ පරිසරය තුළ සිටිමින් චරිතයට අදාළ ඇඳුම් ඇඳගත් විට ඉබේම චරිතයට ආදේශ වීමක් සිදුවෙනවා. 

01.

ඉස්සරහට යන්න ටෙලි නාට්යය තුළින් ක්ෂේත්රයට පිවිසි ඔබව දකින්න ලැබුණේ ම එකිනෙකට වෙනස් නිර්මාණ තුළින් ?

ඔව්. නලින් මාපිටිය මහත්මයාගේ ඉස්සරහට යන්න ටෙලි නාට්ය තුළින් තමයි මම රංගනයට පිවිසුණේ බොහොම ජනප්රිය වූ නිර්මාණයක් ඉන්පසු මට ලැබුණු නිර්මාණ වෙනස් ජනප්රිය වූ නිර්මාණ මම සතුටුයි එකම රැල්ලකට කොටු නොවී විවිධත්වයෙන් යුතු නිර්මාණ සඳහා සම්බන්ධවීමට ලැබීම පිළිබඳව. 

ඔබව නිතරම ටෙලි නාට්ය තුළින් දකින්න ලැබෙන්නේ නැහැ. එයට විශේෂ හේතුවක් තිබෙනවාද?

ඔව් එයට විශේෂ හේතුවක් තිබෙනවා. මම ව්යාපාරික කටයුතුවල නිරත වෙනවා. එම නිසා පූර්ණකාලීනව රංගනයේ යෙදෙන්න අපහසුයි. 

02.

ඔබ නිවේදිකාවක් ලෙසත් සාර්ථකව කටයුතු කරනවා. එහෙම නේද ?

මම ස්වර්ණවාහිනිය වෙඩින් ප්රෝග්රෑම් එක අවුරුදු තුනක් අඛණ්ඩව සිදු කළා. මම ඒ තුළින් තමයි නිවේදන වෘත්තියට පිවිසුණේ. මේ වන විට හිරු ටීවී එකේ වින්දනීය උදැසනක් වැඩසටහන සමඟ සම්බන්ධ වෙලා සිටිනවා. ඇත්තටම මට නිවේදනය පිළිබඳව අධ්යයනයක යෙදෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. එය මට සමාජයෙන් ලැබුණු හැකියාවක් කියලා මම හිතනවා. 

ඔබේ වැඩිපුර කැමැත්ත රංගනයටද, නිවේදනයටද, එසේත් නැත්නම් ව්යාපාරවලටද ? 

වෙළඳ දැන්වීම්වල, ටෙලි නාට්යවල, රංගනයේ යෙදෙන්න, නිවේදන කටයුතු වල නිරත වෙන්න වගේම ව්යාපාරික කටයුතු වලටත් මම එක හා සමානව කැමතියි. මම ඒ හැමදේම කරන්නේ ආසාවෙන්. කාටවත් පේන්න කවුරුවත් කියන දෙයක් කරල තේරුමක් නැහැ. අපි කරන දේ සාර්ථකව කර ගන්න හැකියාව ලැබෙන්නේ අපි ඒ දේ ආසාවෙන්, කැමැත්තෙන් සිදු කරනවා නම් පමණයි.

03. 

මේ සියල්ල ඔබට හිමි වන්නේ විවාහක රූ රැජිණ කිරුළත් සමඟයි ? 

ඔව්. විවාහක රූ රැජිණ කීසැණින්ම මේ දවස්වල නම් කට්ටිය ටිකක් බය වෙනවා. ලංකාවෙ විවාහක රූ රැජිණන්ට සෑහෙන ප්රශ්න වෙලා තිබෙනවානෙ. මම විවාහක රූ රැජිණ වුනේ 2012 දි. මම දන්න තරමින් මම තමයි Beauty Pageant එකකින් ලංකාවේ විවාහක රූ රැජිණ විදියට තේරී පත්වූ පළමු කෙනා. 

ඊට පසුව Beauty Pageant රැල්ලක් ඇති වුණා. මට ඒ ලැබුණු අවස්ථාව ගොඩක් වටිනවා. මොකද ශ්රීමාලි ෆොන්සේකා විදිහට සාමාන්ය ගෙදර හිටපු මාව හැමෝම අඳුන ගත්තේ ඒ තුළින්. මම තවමත් ඒ නම රැක ගෙන සිටිනවා. මම බොහොම සෙමින් ගමනක් යන කෙනෙක්. මට අනවශ්ය ප්රසිද්ධියක් ලබා ගන්න උවමනා නැහැ. මට මේ තිබෙන ජනප්රියත්වය, ආදරය, හොඳටම ඇති. 

මේ ක්ෂේත්රය තුළ සාර්ථක වීමට සහ පැවැත්මක් හදාගන්න ඔබ කළ දේවල් මොනවාද ? 

ඒ සඳහා මම විශේෂ යමක් කළේ නැහැ. රංගනය කියන්නේ කණ්ඩායමක එකමුතුවෙන් කෙරෙන වැඩක්. එතැනදි කණ්ඩායම සමඟ සහයෝගයෙන් වැඩ කිරීම පළමුවැනි කාරණාව. අධ්යක්ෂකවරයාට අවනත වෙලා සාකච්ඡා කරලා ඔහුට අවශ්ය ආකාරයට චරිතයට ප්රවිෂ්ඨ වෙලා රඟපානවා නම් සාර්ථක වෙන්න පුළුවන්. 

04.

නිරූපණ ක්ෂේත්රය පිළිබඳව ලංකාව තුළ තිබෙන්නේ යහපත් මතයක් නොවෙයි නේද ? 

නිරූපණ ක්ෂේත්රයෙන් නරක තැනක් නොවෙයි. මම මේ ක්ෂේත්රයට පැමිණිලා අවුරුදු 09ක් පමණ වෙනවා. මම දකින විදියට මේ ක්ෂේත්රය තුළ සිටින අය නෙවෙයි ක්ෂේත්රයේ නම කැත කරලා තිබෙන්නේ. මේ ක්ෂේත්රයට එන්න උත්සාහ කරලා නොහැකි වුණු අය සහ යන්තම් එක වැඩක් කරලා තමන් නිරූපිකාවක් කියලා පෙන්වන්න උත්සාහ කරපු අය කළ දේවල් නිසා තමයි මුළු ක්ෂේත්රයේම නම කැත වෙලා තියෙන්නේ. 

ඔබේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු ? 

මගේ සැමියා සිටින්නේ ඇමරිකාවේ. මමත් එහේ ඉඳලා ගිය අවුරුද්දේ නැවත ලංකාවට ආවේ. මේ වැඩ කටයුතු සඳහා ඔහුගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ දරුවගේ වැඩකටයුතු සහ නිවසේ වැඩ කටයුතු අතපසු වෙන අවස්ථා වලදී ඔවුන් ඒ දේවල් වලට සහයෝගය ලබා දෙනවා. 

05.

ඔබ සිතන විදිහට කාන්තාවකට සාර්ථකව ජීවත් වෙන්න අවශ්ය දේවල් මොනවාද ?

සෑම කාන්තාවකටම අනන්ය වූ ලස්සනක් තිබෙනවා. මුලින්ම අපි හිතන්න ඕනෑ අපි කවුද කියන එක. අපේ නම, ආත්ම ගරුත්වය රැක ගන්න ඕනෑ. කාන්තාවන් පමණක් නොවෙයි, පිරිමි වුණත් ඒ ගැන හිතන්න අවශ්යයි. සමාජයට විහිළුවක් නොවී මිනිස්සුන්ගේ ගෞරවය හිමිවන විදිහට ජීවත් විය යුතුයි. එවිට හැමදාම මතක හිටින චරිතයක් වෙන්න පුළුවන්. 

ඉදිරි බලාපොරොත්තු මොනවාද ? 

දැන් එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. සමාජයට යහපත් දේවල් කරලා සතුටින් ජීවත් වෙන එක තමයි එකම බලාපොරොත්තුව.

06.

07.

08.

09.

10.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්