Feb
20

” මේනක වෙන කෙනෙක්ගෙ අතින් අල්ලගෙන ඉන්නවා නම් ඒකට මට ලොකුවට ඉරිසියා හිතෙනවා” ජනප්‍රිය නිළි නෙහාරා පීරිස්

 
1405 Views
   
 

කලකට ඉහතදී මෙරට පුංචි තිරය හරිම ලස්සනට හැඩ කළ සුන්දර රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියලා කියන්නේ. කොහොම නමුත් මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගන්නා නෙහාරාගේ රංගන හැකියාව අපට අනතුරුව පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ දැකගන්නට ලැබුණා. ඇත්තෙන්ම නෙහාරා කියන මේ සුන්දර චරිතය රංගනයට පමණක් නොවෙයි නර්තනයටත් උපන් හපන්කම් පෙන්නුම් කරනවා. ඒ බව නොරහසක්

කෙසේවෙතත් නෙහාරාගේ විවාහ දිවිය ගැන කතා කරනවානම් ඇය විවාහ වෙන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පී මේනක රාජපක්ෂ මහතා සමගිනුයි. කොහොම නමුත් විවාහයෙන් අනතුරුව කාලයක් අපට මේ යුවළ මෙරට කලා ක්ෂේත්‍රය තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඊට හේතුව වනුයේ මේ යුවළ විවාහයෙන් අනතුරුව ඇමරිකාව බලා පිටත්ව යාමත් සමගයි

කොහොම නමුත් ඒ විදිහට කාලයක් ඇමරිකාවේ දිවි ගෙවන ඔවුන් ලංකාවට ඇවිල්ලා මේවෙනකොට පුංචි දියණියකගේ දෙමාපියන් බවට ද පත් වෙලා තිබෙනවා. කෙසේවෙතත් මේවෙද්දී මේනක සහ නෙහාරා නැවත වරක් සිය කලා කටයුතු ආරම්භ කර තිබෙනවා. කොහොම නමුත් නිවේදන කටයුතුවලට වගේම රංගන කටයුතුවලටත් සම්බන්ධවෙලා ඉන්න නෙහාරා සමගින් තමයි අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ. ඉතින් අපත් සමගින් අදහස් දක්වපු ඇය වර්තමාන ජීවිතය ගැන කියන්නේ මෙහෙම කතාවකුයි

” ඉස්සර තිබුණු සැහැල්ලුව දැන්නෑ. මොන වැඩේ එක්ක හිටියත් හැම මොහොතකම මට මතක් වෙන්නේ බබාව. දැන් එයාට අවුරුද්දයි මාස එකයි. අනාගත අධ්‍යාපන කටයුතු ගැන හිතද්දී මට හිතට ලොකු බරක් දැනෙනවා. ඒත් මම කොහොම හරි ඒවා පිළිවෙළට ම කරනවා.ඉතින් මේනක සමග ගතකළ ජීවිතය පිළිබඳව කතා කරද්දි නෙහාරා එක්තරා අවස්ථාවකදී සඳහන් කරනවා කොයි තරම් සෙනගක් ඉස්සරහ වුණත් මේනක ඇයට බබා කියලා කතා කළේ නැත්නම් ගොඩක් දුක හිතෙනවා” කියලයි

ඒ වගේම මීට දින ගණනාවකට පෙරදී නෙහාරා රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් හරි අපූරු කතාවක් කරනවා. එහිදී ඇය කියා සිටියේ මොකක් හරි ටෙලි නාට්‍යයක හෝ කිසියම් වැඩක දී මේනක වෙන කෙනෙක්ගෙ අතින් අල්ලගෙන ඉන්නවා නම් නෙහාරාට ඒකට ලොකුවට ඉරිසියා හිතනවලු. ඒ හේතුව නිසාවෙන් නෙහාරා කැමති නැහැලු මේනක ඒ විදිහට අත් අල්ලාගෙන ඉන්නවාට. ඉතින් ඇය මේ ආකාරයට සිය අදහස් ඉදිරිපත් කර තිබුනේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක විනෝදාත්මක කතාබහකට එක්වෙමිනුයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්