Sep
30

මෙරට අධ්‍යාපනයට කොරියානු සහය

 
455 Views
   
 

මෙරට අධ්‍යාපන ක්ශේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කැපවෙන බව කොරියාව පවසයි. තාක්ෂණික අධ්‍යාපනය ඉහළ නැංවීමට නව ජාතික අධ්‍යාපන විද්‍යාලයක් ස්ථාපනය කිරීමටද එරටෙහි අවධානය යොමු වී ඇත. පුනර්ජනනීය බලශක්තිය සහ තාක්ෂණික සංවර්ධනය මෙන්ම තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධනය සඳහාද තම රටෙහි සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බව මෙරට කොරියානු තානාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී,අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සිඳුවූ සාකච්ඡාවේදී පවසා ඇත.

රටක් සංවර්ධනය වනවා යනු හතු පිපෙන්නා සේ ක්ෂණිකව සිදුවිය යුතු යැයි බලාපොරොත්තු වන විපක්ෂයක් ඉන්නා රටක, සංවර්ධනය යනු ක්‍රමානුකූලව හෙමින් පිළිවෙළකට සිදුවන්නක් බව මේ අනුව ඔවුන්ට පැහැදිලි විය යුතුය. එවන් ධනවාදී රටවල් අප රට පිළිබඳ දක්වන සුබවාදී ආකල්පයන් රටට ඉමහත් ආඩම්බරයක් නොවේද? මෙවැනි බලවත් රටවල් අප රට සමඟ අත් වැල් බැඳගැනීම රටේ සංවර්ධනයට මහඟු පිටුවහලක් සහ ශක්තියක් වනු ඇත. රටේ අනාගත දරුවන් වෙනුවෙන් සාර්ථක ගමන් මාර්ගයක් ඔස්සේ අප රට ඉදිරියටම යන බව මෙයින් පැහැදිලිය.
රෂිකා සඳමාලි හෙන්නායක

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්