Apr
28

සමස්ත රටම වසා දැමීමට තීරණයක් නැහැ – අගමැති කියයි

 
1564 Views
   
 

පසුගිය සති කිහිපය තුල කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාත්මකව වැඩි වුව ද රටේ ආර්ථික හා සමාජයීය බලපෑම සලකා කිසිදු විටෙක සමස්ත රටම අගුලු නොදැමීමට රජයක් ලෙස තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පල කලේ අද සවස චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් සමග පැවති හමුවේදීයි.

එහිදී ශ්‍රී ලංකා අග්‍රමාත්‍යවරයා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ චීනය ශ්‍රී ලංකාවට ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව ස්තූතිය ද පළකළා.

චීන ආරක්ෂක අමාත්‍යවරයා සමග වැඩිදුරටත් අදහස් හුමවාරු කර ගත් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අවදානය යොමුවී ඇත්තේ පවතින වසංගත තත්වය යටතේ වුව ද ලොව පුරා සිටින ආයෝජකයින්ගේ ආකර්ෂණය ශ්‍රී ලංකාව කෙරෙහි යොමුකර ගැනීම බවයි.

එම ආකර්ෂණය සහ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි ගොඩනැගීම සඳහා චීන රජයේ සහයෝගය උදක්ම බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙරට නිල සංචාරයක යෙදෙන චීන ආරක්ෂක අමාත්‍යවරයා හමුවේ අවධාරණය කළා.

එමෙන්ම ලොවම සසල කළ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ වුව ද ඉහළ පෙලේ චීන දූත පිරිස් අවස්ථා ගණනාවකදී සංචාරය සඳහා මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයාගේ ස්තූතිය ප්‍රකාශ කෙරුණා.

අදාළ හමුවේදී මෙම වසරට යෙදෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරයට සුභාෂිංශන පිරිනැමීමටත් අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැහැ.

ලොවම ආක්‍රමණය කර ඇති මෙම බරපතල වසංගත තත්වය හමුවේ පැන නගින අභියෝග ජය ගැනීම සඳහා දැනට පවතින සහයෝගීතාව තව තවත් වැඩිදියුණු කර ගැනීමටත් චීන රජය සමග ඉතා සමීපව අඛණ්ඩව කටයුතු කිරීමටත් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියාසිටියා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්