Aug
13

එන්නත් කරාට වැඩක් නෑ මේ වෙද්දි කො විඩ් වෛරසය මුලු රටේම පැතිරිලා ඉවරයි රට ලොක්ඩවුන් කළ යුතුයි

 
612 Views
   
 

එන්නත් කරාට වැඩක් නෑ මේ වෙද්දි කො විඩ් වෛ ර සය මුලු රටේම පැතිරිලා ඉවරයි. අපි ආණ්ඩුවට කියන්නේ වහාම මුලු රටේම සංචරණ සීමා පනවන්න කියලා , එහෙම කරන්න බැ රි නම් කුරුණාකරලා රටට හෙලි කරන්න ලබන මාසය වෙද්දි කොවිඩ් පාලනය කරන්න රජය අරන් තියෙන වැඩපිළිවෙල මොකද්ද කියලා. මේ වෙලාවේ රටේ රෝහල් තත්වය භ යා න ක යි , රටේ රෝගී තත්වය භ යා න ක යි , ඩෙල්ඩා ප්‍රබේධය පැතිරීම භ යා න ක යි , ඒ වගේම ම ර ණ සංඛ්‍යාව සීයට වඩා වැඩි වෙමින් තිබෙනවා කියන්නේ මහා භ යා න ක තත්වයක්. අපි අහන්න කැමති මේ විදියටම රට ඇරලා දාලා මි නි ස් ජී වි ත යන් අයාලේ නැති වෙන්න පටන් ගත්තම රජය වගකියනවාද කියලා. (රවී කුමුදේශ්)

 

රට පුරාම දැන් කො වි ඩ් ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඒ නිසා ව හා ම රට ලොක්ඩවුන් කළ යුතුයි කියලා කියන රවී කුමුදේශ් රටේ ජනතාවට පට්ට ආදරෙයි නේ? රටේ ජනතාව ගැන හිතලා වහාම රට වහන්න කියලා කියන රවී කුමුදේශ්ට ගිය මාසය පුරාවටම තේරුනේ නැද්ද එක එක දේශපාලන පක්ෂවල්වල උවමනාවන්වලට උද්ඝෝශණ කරද්දි මෙවන් වි ප ත ක් රටටයි , රටේ ජනතාවටයි අත් වෙනවා කියලා? ඇයි කුමුදේශ් ඔයාට ඒක තේරුම්ගන්න බැරි උනේ? දැන් ජනතාව වෙනුවෙන් රට වහන්න කියලා ආණ්ඩුවට කියන ඔයාට හිතන්න තිබ්බනේ ඔය සැටලින්ලා එක්ක එකතු වෙලා රට වටේම උද්ඝෝශණ කරද්දි නේ? අද රට පුරාම කොවිඩ් ව්‍යාප්ත වෙලා , ආ දා හ නා ගා රයන්වල පැය විසිහතරම ම ළ සි රු රු පුච්චන තැනට රට පත් කරේ ඔයාලා තමයි.

අපි මුල ඉඳන්ම කිව්වා මේ ව සං ග ත ය අස්සේ ඔය එක එක උද්ඝෝශණයන් කරන්නේ රට ලොක්ඩවුන් කිරීමේ අරමුණින් කියලා , හැබැයි අපි ඔහොම කියද්දි මේ කොහේවත් ඉන්න සැටලින්ලාටයි , කුමුදේශ්ලාටයි ගොට්ට අල්ලන සමහරක් අපිට හෙ ණ ඉල්ලුවා , පීඩිත පන්තියේ සටනට අපි හකුල් හලනවා කියලා හංවඩු ගැහුවා. පවතින වසංගතයේ බරපතලකම තේරුම්ගන්න බැරි , මේ වසංගතය අස්සෙත් දේශපාලනය කරන විපක්ෂයේ අරමුණ තේරුම් ගන්න බැරි මැටි මොල්ලු ඔය එක එක කයිවාරු කතා කිව්වට මොකද මේ වෙද්දි ඔප්පු වෙලා ඉවරයි අපි එදා කියපු දේවල් 100%ක්ම හරි කියලා. දැන් රට වහපියව් ගගා බෙරිහන් දෙන්නේ කවුද අපිද? දැන් මාසයක් තිස්සේ රට පුරාම එක එක උද්ඝෝශණයන් කර කර ඩෙගා නටපු සෙට් එකම තමයි දැන් රට වහන්න කියලා කෙඳිරි ගාන්නේ. එහෙනම් අරමුණ පැහැදිලි නේද? ඔවුන්ම රට පුරාම උද්ඝෝශණ කරලා කොවිඩ් ව්‍යාප්ත කරලා දැන් ඔවුන්ම කියනවා රට වහපල්ලා කියලා. ඇයි මිනිස්සුනේ මේ වගේ උන් ගැන හරියට තේරුම් ගන්නේ නැ ත් තේ?

අපි 100%ක්ම බැර කරන්නේ නෑ කොවිඩ් රට පුරාම ව්‍යාප්ත වෙන්න හේතුව ඔය උද්ඝෝශකයින් කියලා , අපි දන්නවා අපේ රටේ මිනිසුන්ගේ හැසිරීම කොහොමද කියලා. අපේ රටේ මිනිසුන් ඕනෑම දෙයක් ගැන ඕනෑවටත් වඩා හිතන්නෙත් , අවධානමින් පරිස්සම් වෙන්නෙත් ටික කාලයක් , ඊට පස්සේ සුපුරුදු පරිදි ගෝත්‍රික හැසිරීමම හැසිරෙන මිනිසුන් තමයි මේ රටේ ඉන්නේ කියලා අපි දන්නවා. මොකද අපිත් ඕනෑතරම් දැක්කා රට පොඩ්ඩක් ඇරලා දීපුගමන් කො වි ඩ් නී ති ත් ටික පැත්තකට දාලා සත්තු වගේ හැසිරෙන්න ගත්තු මිනිසුන්වත්. අන්න එහෙම මිනිසුන් ඉන්න රටක් හින්දනේ තවමත් අපේ රට තුන්වෙනි පන්තියේ රටක් වෙලා තියෙන්නෙත්. ඉතින් මේ වගේ මිනිස්සු ඉන්න රටක යම් මට්ටමකට කොවිඩ් පාලනය කරන්න ආණ්ඩුවට පුලුවන් උනා කියන්නේ මොනතරම් ජයග්‍රහණයක්ද? හැබැයි ඔය ජයග්‍රහණය බලාගෙන ඉන්න බැරි උනා විපක්ෂයට , ඔවුන්ට ඕන උනේ මොන විදියකින් හරි රට ආපස්සට ඇදලා දාන්න. අන්න ඒ වෙනුවෙන් තමයි රට පුරාම උද්ඝෝශණයන් පටන් ගන්නේ. ඔය උද්ඝෝශණයන් ලෙසටම මෙහෙයවපු සෙට් එකේ එකෙක් තමයි ඔය කුමුදේශ් කියන හාදයත්.

මේ රටේ ඉන්නේ නී ති ය ට අ ව න ත නො ව න මිනිසුන් පිරිසක්. එහෙව් මිනිසුන් ඉන්න රටක රට පුරාම උද්ඝෝශණ දියත් කරද්දි මේ මිනිස්සු නිකන්ම කොවිඩ් නී ති ත් කඩන්න පටන් ගන්නවා , මිනිසුන් හිතන්න ගන්නවා “ආ දැන් ලොකුවට ආ ර ක් ෂා වෙන්න ඕනි නෑ මොකද ඔය උද්ඝෝශණ කරන්නෙත් රටේ හොඳ උගත් බුද්ධිමත් පොරවල්නේ? එයාලම ඔය එක ගොඩේ තෙරපිලා කොවිඩ් නී ති කඩ කරනවා කියන්නේ දැන් අවධානම ඉවර වෙලා ඇති” කියලා.

දැන් කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙන්න ප්‍රධානතම හේතුවත් ඒක තමයි , මිනිසුන්ට උල්පන්දම් දිදි රට පුරාම කුමුදේශ්ලයි , සැටලින්ලයි ඩෙගා නටපු එකේ ප්‍රථිඵල තමයි මේ. දැන් නිකන් මිනිසුන්ට ආදරෙයි වගේ පෙන්නගෙන නාහෙන් හැඬුවට රටේ මිනිසුන්ව බි ල් ල ට දුන්නේ ඔය කුමුදේශ්ලා තමයි. ඔවුන්ට අවශ්‍ය උනේ මොන විදියකින් හරි රට වහලා රට නැත්තටම නැ ති කරන්න.

මේ වෙද්දිත් රට වහන තීරණයකට යන තත්වයක් තියෙන්නේ , සමහරවිට හෙට අනිද්දා වෙද්දි රට වහන්නත් පුලුවන්. එහෙම උනානම් විපක්ෂයේ අරමුණු ලෙසටම ඉටු වෙනවා , ඊටපස්සේ උද්ඝෝශණත් නෑ , වැඩ වර්ජණයත් නෑ ආයේ රට අරිනකම්. හැබැයි එදා වේල හම්බකරන් කන රටේ බහුතරයක් ජනතාවට මොකද්ද වෙන්නේ?

අපේ රටේ මිනිස්සු එක දෙයක් තේරුම්ගන්න ඕනි කොවිඩ් ම ර් ධ ණ ය කරන්න ආණ්ඩුව දිවා රෑ නො බ ලා වැඩ කරද්දි රටේ ජනතාව වෙච්ච අපි මේ වසංගතය අවසන් කරන්න ලොවෙත් සහයක් ලබා දුන්නේ නෑ කියලා. අපි අපිව පරිස්සම් කරගෙන අපේ වැඩ ටික කරගෙන ජීවත් වෙලා තිබුනා නම් අද මේ තත්වයට රට පත්වන්නේ නෑ. එහෙනම් ඔය සැටලින්ලා , කුමුදේශ්ලා වගේම අපිත් මේ විනාශයට වග කියන්නම ඕනි.

එහෙනම් රට වැහුවට පස්සේ ආයෙත් කෑ ගහමු “අපිට කන්න නෑ , මාසෙට රුපියල් 20000ක් දියව් , අපිට බෙහෙත් දියව් , වාහන ෆිනෑන්ස් ගෙවපියව් , ලයිට් බිල ගෙවපියව් , රට ඇරපියව්” කියලා. (මොහමඩ් අක්රම්)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්