Oct
23

නිදි යහනේ සිටියදී පත්තෑ දෂ්ටනයකින් මාස දෙකේ බිළිඳා මිය යයි

 
1769 Views
   
 

මුන්දලම දේවාේ හන්දිය ප්රදේශයේ නිවසක නිදියහනේ සිටි බිළිඳෙකුට පත්තෑයෙකු දෂ්ට කිරීමෙන් වයස මාස 02යි දින 20 වයසැති කුඩා බිලිඳකු ඊයේ මියගොස් තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මුන්දලම අඟුණවිල දේවාල හන්දිය ප්රදේශයේ පදිංචිව සිටි මිරිසගේ සිතුම් දිලුම් සචිත්ර නමැති බිළිඳායි.

මියගිය බිළිඳා සිය මව සහ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා සමඟ එකම ඇඳේ නිදාගෙන සිට ඇති අතර මව අලුයම අවදි වී බැලීමේදී සිය බිළිඳාගේ නිහඬතාවය හේතුවෙන් දරුවා පරික්ෂා කර තිබෙනවා.

එහිදී දරුවාගේ වම් අතේ මහපටඟිල්ලේ සිට උරහිස දක්වා පිටු පුරා සතෙකු හුරා ඇති අයුරු ඇය දැක ඇති අතර දරුවාගේ ශරීරය ද සීතල වී තිබූ බවයි දෙමව්පියන් පැවසූවේ.

අනතුරුව දරුවාව වහාම මුන්දලම රෝහල වෙත ගෙන ගොස් ඇති අතර එහිදී බිළිඳාව පරීක්ෂා කර බැලූ වෛද්යවරුන් බිළිඳා මියගොස් ඇති බව දෙමව්පියන්ට පවසා තිබුණා. ඉන් අනතුරුව බිළිඳාගේ පියා නිවසට පැමිණ බිළිඳා නිදාසිටි ඇඳ පරික්ෂා කර ඇති අතර එහිදී තරමක් විශාල පත්තෑයෙකු ඇඳේ සිටියදී හමුවී තිබෙනවා.

කෙසේ නමුත් මියගිය බිළිඳාට දෙපසින් ඔහුගේ වැඩිමහල් සොහොයුරියන් දෙදෙනා ඇඳේ නිදාගෙන සිට ඇති අතර එම වැඩිමහල් සොහොයුරියන් දෙදෙනාගෙන් කිසිවෙකුටත් මෙම පත්තෑයා දෂ්ඨ කර නොමැති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය බිළිඳාගේ පශ්චාත් ම’ රණ පරීක්ෂණය හලාවත රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරී වික්රමආරච්චි මහතා විසින් සිදු කරනු ලැබූ අතර මේ පිළිබඳව විමර්ශන පල්ලම පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ගාමිණී සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ප්රදීප් යන මහත්වරුන් විසින් සිදුකරනු ලබනවා.

01.

02.

03.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්