Sep
29

අන්තර් පළාත් සංචරණය පිළිබඳ විශේෂ නිවේදනයක්..! (VIDEO)

 
523 Views
   
 

කො විඩ් – 19 වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය. අද (29) පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ, යළි කො විඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක්ද ඇති බවය. ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ අන්තර් පළාත් සංචරණ සීමා විවෘත නො කළ යුතු බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය,

“අපි සියල්ලෝම එකතුවෙලා යළි රැල්ලක් නො ඒමට වගබලා ගැනීම මේ අවස්ථාවේ දී අත්‍යාවශ්‍යයි. මොකද සමාජයක් විදියට තව රැල්ලක් ඔරොත්තු දෙන්නේ නැ තිවෙන්න පුළුවන්. රටේ ජනතාවගෙන් සියයට 70ක් එන්නත්කරණයට යොමුවීමට නම් අපිට වයස 20ට වැඩි අය 100%ක් එන්නත්කරණය කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. 20ට වැඩි අයගෙන් 20%ක් එන්නත්කරණය සිද්ධවෙලා නෑ. ඒ අනුව රෝගය සම්ප්‍රේෂණය කිරීමේ වැඩි හැකියාවක් තාම තියෙනවා. අන්තර් පළාත් සංචරණය ඇරියොත් එකපාරට ම බොහෝ වෙලාවට කණ්ඩායම් වශයෙන් විනෝද චාරිකා සහ විනෝද ගමන්, වන්දනා ගමන් කියන කටයුතුවල වැඩියෙන් ම යෙදෙනවා. ඒ නිසා රට විවෘත කිරීම ක්‍රමවත්ව හිමින් කළ යුතුයි. අන්තර් පළාත් සංචරණය නැ වැත්වුවහොත් අපි හිතනවා එය යහපතක් වෙන්න පුළුවන් කියලා.”

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්