Aug
12

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් හෙළිදරව්වක්

 
964 Views
   
 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආසාදිතයින් සම්බන්ධයෙන් වාර්තා කරන දත්ත හා ජාතික මට්ටමෙන් වාර්තා වෙන දත්ත අතර දැඩි පරස්පරතාවයක් පවතින ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.

ආසාදිතයින්ගේ දත්ත සම්බන්ධයෙන් ගැ ට ලු වක් පවතින බවට පෙන්වා දුන් තත්ත්වයක් තුල ගම්පහ දිස්ත්‍රක්කයෙන් ගෙවුණු දිනයේ ආසාදිතයින් 35ක් පමණක් වාර්තාකර තිබීම කැපී පෙනෙන කරුණක්.

අද දිනයේදි කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 2,049 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ සමග සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 302,455 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

අධික තරබාරු පුද්ගලයින්ට කො වි ඩ් අ ව දා න ම ඉහළ බව කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා ප්‍රකාශ කළා. මේ අතර, කොළඹ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතු රුධිර සංචිත ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් පහත බැස ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ප්‍රකාශ කළා.

මේ අතර, කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘ ත ශරීරාගාරයේ තැන්පත් කර තිබු හඳුනා නොගත් ම ළ සිරුරු 13ක් අධිකරණයෙන් ලබාගත් නියෝග මත භූ ම දා න කටයුතු කිරීම සඳහා මඩකලපු ඔට්ටමාවඩි ප්‍රදේශයට අද රැගෙන යනු ලැබුවා.

එසේම, කොරෝනා මෘ ත දේ හ ආ දා හ න යේදී අදාළ පවුල්වලින් කිසිදු මුදලක් අය නො ක ළ යුතු බවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සියලු පළාත් පාලන ආයතනවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සූම් තාක්ෂණය ඔස්සේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ අද පැවති සාකච්ඡාවකදීයි. අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ සියලු ආදාහනාගාර සඳහා අවශ්‍ය ගෑස් නො මි ලේ ලබාදීමට රජය කටයුතු කරන අතර, එකී සැපයුම් කඩිනමින්ම ලබාදීමට පියවර ගන්නා බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්