Aug
19

ව්‍යා ජ කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා තොගයක් සොයාගැනේ

 
1701 Views
   
 

ඉන්දියාවේ නිපදවන කොවිෂීල්ඩ් එන්නතට සමානව නිපදවන ලද ව්‍යා ජ එන්නත් මාත්‍රා තොගයක් සොයා ගෙන තිබෙනවා.

ඉන්දියාව සහ අප්‍රිකා මහද්වීපයේදී මෙම මාත්‍රා සොයාගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කලේ.

ඒවා ව්‍යා ජ කොවිෂීල්ඩ් මාත්‍රා යැයි එම මාත්‍රා නිපදවන ඉන්දියාවේ සීරම් ආයතනය විසින්ද තහවුරු කර තිබෙනවා.

මෙවැනි ව්‍යා ජ එන්නත් මාත්‍රා සංසරණය වීම හේතුවෙන් ගෝලීය කො විඩ් අවධානම තවත් ඉහළ යන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්