Aug
25

අ ර්බුදය ජය ගැනීම

 
692 Views
   
 

රට වසා දැමිය යුතුය යන්න ජනප්‍රිය ත ර්කයකි. ආර්ථිකය ද ජීවිත ද යන්න ඒ සඳහා යොමු කරනු ලබන ත ර්කයකි. මේ ත ර්කයට ඕනෑම කෙනකු ව ශී කෘ ත විය හැකිය. ඒ ඔස්සේ පෙරළා ආණ්ඩුව හා පාලකයන් විවේචනයට ලක් කළ හැකිය. එහෙත් මේ ත ර්කය තුළ ඇත්තේ ය ථා ර් ථ ය නො වේ. රටක සමස්ත ජීවිත රඳා පවතින්නේ ආර්ථිකය මතය. ආර්ථිකය නැ ති තැන ජීවිතයක් නැ ත. ශ්‍රී ලංකාව යනු අමාරුවෙන් ආර්ථිකය ගැට ගසා ගනු ලබන රාජ්‍යයකි. අමෙරිකාවේ, නවසීලන්තයේ, ජර්මනියේ මෙන් ශක්තිමත් ආර්ථිකයක් අපට නැ ත. එබඳු පසුබිමක් තුළ ජීවිත හා ආර්ථිකය යනු දෙකක් නො ව එකක් බව වටහාගත යුතුව තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දින දහයක් රට පුරා නිරෝධායන ඇ ඳි රි නී ති ය පැනවීමට තීන්දු කිරීම ඉතා අ පහසු තත්ත්වයක් යටතේ ගනු ලැබූ තීරණයක් බවය. එය වටහා ගැනීමට නම් රටේ ආර්ථික තත්ත්වය, ජනජීවිතය, අනාගතය පිළිබඳ හැඟීමක් තිබිය යුතුය. රට වසා තැබීමෙන් දිනකට බිලියන ගණනක් පාඩු විඳීමට සිදු වන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇත. සමස්ත පාඩුව සෙවීමට දහයෙන් වැඩි කළ යුතුය. මෙය සෙල්ලමක් නො වන බව එවිට පැහැදිලි වනු ඇත. රාජ්‍ය ආදායම් පහළට ගමන් කරන්නේ රාජ්‍ය වියදම් හීයක වේගයෙන් ඉහළ යන තත්ත්වයක් යටතේය. මෙහිලා වටහා ගත යුතු වැදගත් කාරණය වන්නේ රටක ආර්ථිකය සිල්ලර කඩයක ශේෂ පත්‍රයට සමපාත කළ නො හැකි බවය. විශේෂයෙන් විපක්ෂය එය තේරුම් ගත යුතුය.

අපට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන මාර්ගයක් ලෙස ඇඟලුම් ක්ෂේත්‍රය හඳුන්වා දිය හැකිය. පවතින කාලය තුළ ඇඟලුම් කර්මාන්තයේ යම් පිබිදීමක් ඇත. ඉදිරි නත්තල් සමය කේන්ද්‍ර කොට ඇඟලුම් කෝටි විශාල ප්‍රමාණයක් අපට ලැබී තිබේ. මේවා නිසි කලට සපයා ගත නො හැකි වුව හොත් කෝටා අ හිමි වෙයි. එය ඇඟලුම් ක්ෂේත්‍රයේ කඩාවැටීමට හේතුවකි. රටේ තරුණ පරපුරෙන් විශාල පිරිසක් ඇඟලුම් කර්මාන්තයේ සේවය කරති. මේ සියල්ල අ හිමි කර ගන්නා තැනකට යෑම අතිශය මෝඩකමකි. ඒ අනුව නිරෝධායන ඇ ඳි රි නී ති ය යටතේ වුව ඇඟලුම් කර්මාන්තය, කෘෂිකාර්මික ක්ෂේත්‍රය අඩාළ නො වන ස්ථාවරයක රඳවා ගැනීමට රජය තීන්දු කර ඇත.

සමඟි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ රට වසා දැමීම සඳහා අරගලයක නිරත වුව ද, රටේ ආර්ථිකය ගැන සුළු හෝ තැකීමක් සිදු කර නැ ත. ජනාධිපතිවරයා දින දහයකට රට පුරා නිරෝධායන ඇ ඳි රි නී ති ය පැනවීමට තීරණය කරන්නේ ද දේශපාලන ඉල්ලීම් නිසා නො වන බව පැහැදිලිය. මේ මොහොතේ ඇතැම් දේශපාලන කණ්ඩායම් උත්සාහ දරමින් සිටින්නේ ආණ්ඩුවට වරදින්නේ කොතැන දැයි සොයා බැලීමටය. කොවිඩ් වසංගතය උත්සන්න වන තරමට ද, කොවිඩ් ම ර ණ සංඛ්‍යාව ඉහළ යන තරමට ද සතුටු වන පිරිස් සිටිති. ඒ අපේ රටේ බාල දේශපාලනයේ එක් ගති ලක්ෂණයකි. මේ නිසාම දෝ සමහර පක්ෂවල නායකයෝ දෛනික කො විඩ් ම රණ ගණන එකතු කරති.වෛද්‍ය පරීක්ෂණ නිමා වන්නත් පෙර ඒ ම රණ ගණන සමාජගත කරති. එය ද මේ රටේ පහත් දේශපාලනයේ ස්වභාවයකි.

කො විඩ් වසංගතය හමුවේ පීඩාවට පත් දිළිඳු පවුල් සඳහා මෙතෙක් දී ඇති ආධාර ප්‍රමාණය රුපියල් කෝටි අට දහස ඉක්මවන බව කියති. මේ හැරෙන්නට නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් දසදහසක බඩුමල්ලක් ප්‍රදානය කිරීමට රජය පියවර ගෙන ඇත. එය දැනටමත් ක්‍රියාත්මකය. රුපියල් දෙදහසක ආධාරය මඳියැයි කෙනකු කියන්න පුළුවන. එහෙත් ඇත්ත තත්ත්වය වන්නේ එම මුදල වුව අ ප හ සු වෙ න් පිරිනමන බවය. බොහෝ රටවල් කො වි ඩ් ආධාර බෙදන්නේ නැ ත. ඇතැම් රටවල එන්නත ගත යුත්තේ ද මුදල් ගෙවීමෙනි. අපේ රටේ සියල්ල නො මිලේ ලැබෙන බැවින් ද, විවේචනයට ඉඩහසර ඇති බැවින් ද කො විඩ් ම ර් ද න ය සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළෙහි අගය ජනතාවට දැනෙන්නේ අඩුවෙනි.

අප මීට පෙර කතා කර ඇත්තේ සංවර්ධනය හා එහි ගැටලු ගැනය. එහෙත් අද කතා කරන්න සිදු වී ඇත්තේ සංවර්ධනය ගැන නො ව, ආර්ථිකය පවත්වා ගැනීම ගැනය. එය අපට පමණක් නො ව, මුළු ලෝකයටම පොදු මාතෘකාවක් බවට පත් වී ඇත. ධනවත් රටවල් පවා කො විඩ් ලෝක වසංගතය තුළ දුර්මුඛ වී ඇත. වසර දෙකකට ආසන්න කාලයක් පුරා ලෝක ආර්ථික ගනු-දෙනු හැකිළී ඇත. එහි ප්‍රතිඵලය වේදනාකාරි විය හැකිය. මේ තත්ත්වය වටහාගෙන ආර්ථිකය හැසිරවීමට සිදු වීම ස්වාභාවිකය. අ ර් බු ද ය ජය ගැනීම සඳහා ජනතාවට ද මීට වඩා කැප කිරීමක් වෙත යෑමට සිදු වනු ඇත.

මෙන්න බලන්න තවත් ගොසිප්