Nov
28

ජනාධිපතිවරයාගේ ජනප්‍රිය නොවන තීන්දුවල ඉරණම !

 
2040 Views
   
 

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්රිය නො වන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදු වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රකාශ කර තිබේ. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ 26 පැවති “ජනාධිපති අපනයන සම්මාන උළෙල” අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව සදහන් කර තිබීම මේ වන විටත් සමස්ථ ශ්රී ලංකික ජනතාවගේම අවධානයට පාත්ර වී තිබෙනු බව පෙනේ. 

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ විවේචනයට ලක්වුව ද නුදුරු අනාගතයේදී ම එහි ප්රතිලාභ රටටත්, ජනතාවටත් හිමි වනු ඇති බවත් , කෙටිකාලීන අර්බුද ජය ගත් පසු ආර්ථික සහන උදා කරගත හැකි වනු ඇති අතර, රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත්ය. 1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් “ජනාධිපති අපනයන සම්මාන උළෙල” ආරම්භ කෙරුණු අතර, මෙවර පැවැත්වූයේ එහි 24 වන සම්මාන උළෙලයි.

ශ්රී ලංකාව තුළදී අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළ ම සහ අද්විතීය ම සම්මානය මෙය වන අතර අපනයන ක්ෂේත්රයේ අභිවෘද්ධිය සඳහා වැඩි ම දායකත්වයක් ලබා දී ඇති අපනයනකරුවන් වෙනුවෙන් ජනාධිපති සම්මාන ප්රදානය කර ඇත. ශ්රී ලංකාව තුළ අගය එකතු කළ භාණ්ඩ ගෝලීය වෙළෙඳපොළට අපනයනය කළ හොත් තවත් බොහෝ අපනයන ආර්ථික වටිනාකමක් රට තුළ නිර්මාණය කර ගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර අපනයන ක්ෂේත්රයේ පවතින ගැටළු කඩිනමින් විසඳන බවට සහතික වූ ජනාධිපතිතුමා, අපනයන ක්ෂේත්රයේ ඉලක්ක යථාර්ථයක් කර ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අත්වැල් බැඳගෙන ක්රියා කළ යුතු බවද අවධාරණය කර ඇත.

2019 වසරේ නොවැම්බර් 16 දින ශ්රී ලංකාවේ පැවති ජනාධිපතිවරණය දෙස් විදෙස් කාගේත් අවධානයට යොමු වූ ජනාධිපතිවරණයක් බවට පත් වීය. ඒ සඳහා හේතු සැපයූවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රගතිශීලී දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක සහායෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමය. කෙසේ හෝ අවසානයේ 69 ලක්ෂයකගේ බහුතර ජන්දයකින් ගෝඨාභය රාජපක්ෂ මෙරට 7වන විධායක ජනපති ධුරයට පත් විය.

එසේම ඔහුගේ මැතිවරණ ව්යාපාරය කිසිදා කිසිදු කලක කිසිදු ජනධිපති අපේක්ෂකයෙක් ළගා කර නොගත් ආදර්ශවත් එකක්ම වීය. එහි සම්ප්රදායික මැතිවරණ ප්රචාරණ නොමැති,මඩ ව්යාපාර වලින් තොරව ආර්ථික ,සමාජීය, දේශපාලනය ,සංස්කෘතිය ආරක්ෂා කෙරෙන ප්රතිපත්ති රටට හඳුන්වා දීම පදනම් කර ගත් ප්රතිපත්ති සහ සංකල්ප නව සංවර්ධන ආකෘති පිළිබඳ කතිකාවතක් සමඟ ගෝඨාභය රාජපක්ෂයන්ගේ මැතිවරණ ව්යාපාරය පදනමක් සහිතව ඇරඹු එකක් බව කිව හැකිය.

එසේම වෙන කිසිදු නායකයෙක් අනුගමනය නොකළ දැක්මක් හරහා ඔහු රට භාර ගත්තේය. ශ්රී ලංකා දේශපාලනය තුළ අප මෙතක් කලක් අත් දුටුවේ ජනප්රිය තීන්දු මත රට පාලනය කරන නායකත්වයන්ය . ඒ සෑම නායකයෙකුම බලය රඳවා තබා ගැනීම උදෙසා රටට හිතකර හෝ අහිතකර වේවා ගනු ලැබුවේ ජනප්රිය තීන්දුය. එහෙත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ එම නායකයන් වෙතින් වෙනස්ම නායකයෙක් වන්නේ ඔහු බොහොවිට රටට අවශ්ය නව සංකල්ප සහ ආකෘති හඳුන්වා දෙමින් වර්තමානයට වඩා අනාගතය ගැන සිතා තීන්දු ගන්නා නායකයෙක් වන හෙයිනි.

රටකට නව සංකල්ප සහ නව සංවර්ධන ආකෘතිය හඳුන්වා දීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මන්ද යත් ඒ වෙනුවෙන් ජනතාව වරමක් ලබා දුන්නද සාම්ප්රදායික රාමු මත ජනතාව කටයුතු කිරීමේ පුරුදු එක්වරම වෙනස් කරගැනීමට ජනතාව සූදානම් නොවීමේ මනෝභාවයක් ජනතාව සතු වීම නව සංකල්ප මහ පොළොවේ ක්රියාත්මක කිරීමට තරමක් අපහසු වීමට බලපාන ප්රධානතම සමාජීය කාරණයක් නිසාය.

එවැනි බාධක රැසක් මැද තවමත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කීරීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පොරොන්දු සහ ඒවා ක්රියාත්මක වන්නේ කෙසේ දැයි විමසා බැලීම කාලෝචිත වන්නේ ඒ නිසාය. මෙරට බෝග වගාවන්ට ඉතාමත් ශීඝ්රයෙන් වස විස එක් වීම වැළැක්වීමත් ශ්රී ලාංකේය ප්රජාව සෞඛ්යාරක්ෂිත ආහාර ක්රමවේදයකට හුරු කිරීමත් යන අරමුණු සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මේ වන විට විශේෂ අවධානය යොමු කොට තිබේ.

වස විසෙන් තොර කෘෂිකාර්මික නිෂ්පාදන දිරි ගැන්වීම උදෙසා රජය විසින් ව්යාපෘති රැසක් මේ වන විටත් ක්රියාත්මක අතර ඒ සදහා රජය විසින් ගෙන එනු ලැබූ රසායනික පොහොර තහනම සමාජය තුළ ආන්දොලත්මක කතාබහකට තුඩු දුන්නේය. එහෙත් රටෙහි අනාගතය වෙනුවෙන් ගත් තීන්දු තීරණ කොතරම් විවේචන ආවද , තැබූ අඩිය පිටුපසට නොගැනීමට තරම් ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් නායකයෙක් විය. එතුමාගේ ඒකායන අරමුණ වස විසෙන් තොර කාබනික පොහොර මත නිෂ්පාදන සිදු කරන පුමුඛ රටක් බවට ශ්රී ලංකාව පත් කිරීමය. දේශපාලනික වශයෙන් ජනප්රිය නොවන තීන්දුවක් වුවත් කාබනික පොහොර මත කෙරෙන දේශීය කෘෂි ආර්ථිකය ශ්රී ලංකාවට දීර්ඝකාලීන වාසි අත් කර දෙනු නොඅනුමානය.

මේ අනුව බලන කල ගෝඨාභය රාජපක්ෂගේ ප්රතිපත්ති ඉතා සාර්ථකව ක්රියාත්මක වෙමින් පවතින්නේ රටේ පොදු ජන හිත සුව පිණිසමය. රටක අනාගතය තීන්දු වන්නේ නොවෙනස් ප්රතිපත්ති සහ සංකල්ප මතය. එම ක්රියාවලිය වත්මන් ජනාධිපතිවරයා නොපිරිහෙළා ඉටු කරමින් සිටින බව ජනපතිවරයාගේ නොසැළෙන සෘජු තීන්දු තීරණ වලින් රටටම ඔප්පු වී හමාරය. මෙරට රාජ්ය ආයතන වල පවතින මන්දගාමී සේවය පිළිබදව වරෙක ජනාධිපතිවරයා ප්රසිද්ධියේ ප්රකාශයක් කරමින් කියා සිටියේ හරිහමන් කාර්යක්ෂම සේවයක් රාජ්ය සේවය තුළින් ජනතාවට ලබා දීමට නොහැකි නම් එහි සේවකයන් සියල්ල ගෙදර යැවීමට කටයුතු කරන බවය.

එයද පසුගිය කාලය තුළ විවේචනාත්මක සංවාද වලට තුඩු දුන් ප්රකාශයක් විය. එහෙත් හරි දේ වෙනුවෙන් සෘජු තීරණ ගැනීමට තරම් ශක්තිමත් කශේරුකාවක් සහිත නායකත්වයක් මේ මොහොතේ රටට ලැබී තිබීම 69 ලක්ෂය පමණක් නොව ජාතියේම වාසනාවක් බව කිව යුතුය.

එසේම මේ සියලු කටයුතු සිදු වන්නේ රට අභියෝගාත්මක කාලයකට ගොදුරු වෙමින් පවතින සමයේ වීම විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණකි. කොවිඩ් අභියෝගය ජය ගනිමින් රට නඟන හරි මඟ ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ මේ මොහොතේ ද ක්රියාත්මකය.

මේ සියලු වැඩපිළිවෙළ ක්රියාත්මක වන්නේ අපේ රටට සුපැහැදිලි හෙටක් තැනීම වෙනුවෙනි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනපතිවරයාගේ දේශපාලනය භාවිතය සහ ආණ්ඩුවේ ඇතැම් කටයුතු සාර්ථක ලෙස සිදු කිරීමේ ප්රයෝගික ගැටලු මතුව තිබේ. ඇතැම් විට කොවිඩ් වසංගතය නොතිබෙන්නට මේ වන විට රට ආර්ථික වශයෙන් විශාල පියවර රැසක් තබා හමාරය.

ඊයේ දින “ජනාධිපති අපනයන සම්මාන උළෙල” අමතමින් ජනාධිපතිවරයා පැවසු පරිදි ඉදිරියේද ජනප්රිය නො වන තීන්දු තීරණ රැසක් ගැනීමට වත්මන් ජනපතිවරයා කටයුතු කිරීමට හැකිය. ඒ අනුව විපක්ෂ කොටස්වල උසිගැනවීම් මත සමාජය වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව නැගී සිටීමට විය හැකිය. එහෙත් සමාජය වටහා ගත යුත්තේ එම තීන්දු ජනාධිපතිවරයාගේ බලයට කොතරම් අභියෝගිකාරී තීන්දු වුවද එය රටෙහි අනාගතය වෙනුවෙන් සැබෑම නායකයෙකු ගනු ලබන තීන්දු තීරණ බවය. එය වටහා ගත් දිනට ඔබත් ඔබේ මතු පරපුරෙහි අනාගතයත් වඩා සුබදායි වනු ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්