Jun
13

මගේ මිලට අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු කැමති නෑ, මගේ මහන්සියෙන් හම්බකරගෙන හීන හැබෑකරගත්තේ – යුරේනි

 
4957 Views
   
 

අපේ රටේ දක්ෂ රංගන ශිල්පිණියක් සහා නිවේදිකාවක් වගේම ගායිකාවක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් යුරේනි නොෂිකා කිව්වම අඳුනන්නැති කෙනෙකු නැති තරම්. නිතරම වගේ වෙනස් විදිහේ විලාසිතා වලින් මිනිසුන් අතර කතාබහට ලක් වෙන ඇය ලාංකේය නව පරපුරේ නිළියක් භාවිත කරන මිලෙන් අධිකම මෝටර් රථයේ හිමිකාරියයි. ඇය ගැන නවතම තොරතුරුයි මේ.

ඔබ වැඩි මුදලක් ගන්න නිසා ඔබට සිනමාව ලැබෙන ආරාධනා අඩුයි කියන්නේ ඇත්තද? ආරාධනා නම් ලැබෙනවා නමුත් මගේ මිළට අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන් කැමති නැ. මට තියන හැම චිත්රපටියකම රගපාන්න ඕනි නැ. මගේ දක්ෂතාවය අනුව මට මගේ මිලත් එක්ක හොද දේවල් ඉදිරියේදී ලැබෙයි.

ඇඟ පෙන්න ඇන්දහම ජනප්‍රය වෙනවා කියල ඔබ හිතනවද?. මන් මට අවශ්‍ය තැන් ගැළපෙන විදිහට විලාසිත කරනවා. තරුණ කාලේ තමා අපිට විලාසිත කරන්න පුළුවන් වයසට ගියපුවහම බැනේ එක නිසා මන් මට ගැලපෙන විදිහට විලාසිතා කරනවා. තමන්ගේ ශරීරය අනවශ්‍ය විදියට පෙන්නලා ඉන්න අය ප්‍රසිද්ධයි කියලා දන්නවා. ඒක පිටරටනම් සාමාන්‍ය දෙයක්.නමුත් ලංකාවේ එක ලොකු ප්‍රශනයක් මිනිසුන්ට.එත් ජනප්‍රියත්වය කියන්නේ වෙනම දෙයක් ඒ තමන්ගේ දක්ෂතාවය අනුව මිනිසුන්ගේ ආකර්ෂණය දිනාගැනීමයි.

ඔබට මොන චරිතයක් දුන්නත් ඔබ රගපාන්න කැමතිද? ඔව් අනිවාර්යෙන්ම මන් කැමති. මන් හිතනවා මට ඉදිරියේදී එහෙම අවස්ථා ලැබෙයි කියලා. කළා ලෝකයේ නිරුපිකාවන්පිරිසක් සිටිනවා වැරදි ගමන් යන.

ඔබත් වැරදි කරලා තියනවද?. ඔව් අනිවාර්යෙන්ම තවත් කරනවා. හැබැයි මගේ වැරදි වලින් කාටවත් කරදරයක් වෙන්නේ නැ. මන් මගේ වැරදි ගොඩක් දුරට හදාගෙන තමයි ජිවත් වෙන්නේ.

ඔබට මිලෙන් අදික මෝටර් රථයක් තියනවා කියන්නේ ඇත්තද?.ඔව් එක මගේ ලොකු හීනයක් කාගෙන්වත් ඉල්ලන්නේ නැතුව තමන්ගේ මහන්සියෙන් තමයි මන් මගේ හීනෙ හැබෑ කරගත්තේ දැන් මට ඇත්තටම ආඩම්බරයි මන් මගේ ලොකුම හීනෙ කාගෙන්වත් උදවු නැතුව ලබාගත්ත එකට අද මගේ යාලුවෝ හම්බුනමත් ඔවුන් පුදුම වෙනවා මගේ ධෛරිය ගැන.

අපි දැනගන්න කැමති ඔබේ ලොකු වහනය ගැන අපිට ඒ ගැන කියන්න පුලුවන්ද? මර්සඩිස් එස් එල් සී 180 කියන කාර් එක තමයිමගේ වාහනේ ලක්ෂ එකසිය හතළිහයි මිල මට හරිම සතුටුයි.

අපි දැනගන්න කැමති ඔබට මෙච්චර සල්ලි කොහෙන්ද කියලා? මගේ මහන්සියෙන් දක්ෂතාවයෙන් තම ඉතින්. ගොඩක් මිනිස්සු දියුණු වෙනවට ඇත්තටම කැමති නැ. ඒ ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක් තව කෙනෙක් හොදින් ඉන්නවා දකින්න කැමති නැ මොලේ තියනවනම් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කර කර ඉන්න ඕනි නැ. අනිවාර්යෙන්ම මන් වගේ දියුණු වෙන්න පුළුවන්.

ඔබේ ඡායාරූපෙකට ඉතා නරක අන්දමේ කමෙන්ට් දල තිබ්බ අපි දැක්ක ඒ කුමන හේතුවකටද? ඇත්තටම ඒ මන් කලින් කිවුවා වගේම මිනිස්සු කෙනෙක් දියුනු වෙනවා දකින්න ගොඩක් අකමැති. මන් ඒ මගේ අලුත් කාර් එක සමග මගේ ඡායාරූපයක් දැම්මේ. ඉතින් ඒ විදිහට මන් ඉන්නවා දකින්න අකමැති අය තමා තව කෙනෙක්ට ඉරිසියා කරන්නේ මන් නම් ඒවාට සැලෙන්නේ නැ මන් මගේ උත්සාහයෙන් තව දියුණු වෙනවා.

විවාහ වෙන්න කෙනෙක් එහෙම දැන් ඉන්නවද? තාම නම් නැ.මගේ හිමි කාරයා කොහේ හරි ඇති කවදාහරි හම්බෙයි එතකන් මන් ඉතින් බලන් ඉන්නවා. මටත් තාම විවාහ වෙන්න තරම් අදහසක් නම් නැ.

ඔබ කාලයක් දකින්න ලැබෙන්නේ නැතුව අලුත් දෙයකින් එකපාරටම එලියට එනවා ඒ ඇයි? එහෙම දෙයක් නැ. මන් මගේ නිර්මාණ රසිකයන්ට පෙන්වනවා. නමුත් හැමදාම පෙන්න හිටියොත් මිනිසුන්ටත් එපා වෙනවා. එක හින්ද ටික කාලයක් ඉදල තම මන් තව දෙයක් කරන්නේ.

යුරේනි ඔබට ඔබේ රසිකයන්ට මොනවද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? මට මගේ රසිකයන්ට කියන්න තියෙන්නේ මන් ගැන දන්නා අය හැමදාම මත් එක්ක ඉන්න. ඒවගේම තව කෙනෙක් දියුණු වෙනවා දකිද්දී ඒ යට ඉරිසියා කරන්න එපා. තමන්ට දියුණු වෙන්න ඕනි නම් තමන්ගේ උත්සහයෙන් දියුණු වෙන්න ඉරිසියා නොකර එතකොට කවදාවත් වරදින්නේ නෑ. දැහැමින් ජිවත් වෙන්න කියල තම හැමෝටම කියන්න තියෙන්නේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

 

15

 

16

 

17

 

18

 

19

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්