Feb
10

වයස අවුරුදු හතළිහ පැනලත් තාම සුන්දර පෙනුමක් ඇති පූජා උමාශංකර් දැන් ගෙවන ජීවිතේ

 
4280 Views
   
 

සිනමා ක්ෂේත්‍රය තුළ ඉන්න හැමෝම වගේ හදුනන ඉන්දු – ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජනප්‍රිය නිළියක් තමයි පූජා ගෞතමී උමාශංකර් කියල කියන්නේ. ඇය උපත ලබන්නේ 1981 ජුනි විසිපස් වන දිනයි. ඇගේ පවුලේ විස්තර පිළිබඳ කතා කරනවානම් ඇගේ මව තමයි පූජා සන්ධ්‍යා. ඇය ශ්‍රී ලාංකික කාන්තාවක වන අතර ඇගේ පියා තමයි එච්.ආර්. උමාශංකර්. ඔහු ඉන්දීය ව්‍යාපාරිකයෙකු වෙනවා. කොහොම නමුත් මේ යුවළට දාව උපන් ඇය දෙමළ, මෙන්ම සිංහල, තෙලිගු, මලයාලම් සිනමාව තුළ ජනප්‍රිය නිළියක ලෙස කටයුතු කරනු ලබනවා

ඇගේ අධ්‍යාපන කටයුතු ගැන කතා කරනවානම් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලංකාව තුලදී අවසන් කරනු ලබන පූජා අනතුරුව ඉන්දියාව වෙත ගොස් සිය අධ්‍යාපන කටයුතු අවසන්කොට උපාදිය ද ලබා ගන්නවා. ඉතින් මේ ආකාරයට සිය ඉගෙනීමේ කටයුතු අවසන් කරන ඇයට කන්නඩ, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවන් සියල්ල හැසිරවීමට හැකියාවක් තිබෙන බවයි අපට දැනගන්නට ලැබුණේ

කොහොම නමුත් මේ විදිහට සිනමා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වන්නේ ” බාලා” ගේ නාන් කඩවුල් කියන චිත්‍රපටය ඔස්සේයි. එහි දී ඇය ඉදිරිපත් කළ දෑස් අඳ සිඟන්නියකගේ චරිතය සඳහා දක්ෂිණ ෆිල්ම්ෆෙයා සම්මාන සහ තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මාන හිමිවෙනවා

ඒ විතරක් නොවෙයි ඇයව අපට පසුගිය කාලයේ ටීවී දෙරණ “සිටි ඔෆ් ඩාන්ස්” හි විනිශ්චයකාරවරියක ලෙසත් දැකගන්නට ලැබුණා. කොහොම නමුත් මේවෙද්දී ඇය හොදම නිළියට වගේම ජනප්‍රිය නිළියට හිමි සම්මාන රැසක් ජයක්ග්‍රහනය කිරීමට තරම් වාසනාවන්ත වෙලා තිබෙනවා. මේ අතර ඇගේ විවාහ ජීවිතය ගැන වගේම වර්තමාන ජීවිතය ගැන කතා කරනවානම් ඇය විවාහවෙන්නේ ශ්‍රී ලාංකික නිරූපන ශිල්පියෙකු වන දීපක් ශන්මුගනාදන් මහතා සමගිනුයි. ඒ 2014 වර්ෂයේදී යි.

කොහොමහරි ඉතින් සිනමාව තුළ හැමදාමත් මතකයේ රැදෙන චරිත ගණනාවකට සිය රංගන දායකත්වය ලබාදුන්නු ඇයව වර්තමානයේ අපට වැඩිය නව නිර්මාණ තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඇත්තටම ඇයව මේ විදිහට ක්ෂේත්‍රය තුළින් දැකගන්නට නොලැබුනත් ඇයට පෙර ලැබුණු ප්‍රේක්ෂක ආදරයේ නම් අඩුවක් වෙලා නොමැති බව නොරහසක්. ඉතින් මේ විදිහට ඇයව වර්තමානයේ දැකගන්නට නොලැබීමට හේතුව මොකක්ද කියල සොයා බලන්න අපි සිතුවා

ඇත්තටම ක්ෂේත්‍රයට ඇවිල්ලා කෙටි කලකින් දකින්න නොලැබී යන බොහෝමයක් චරිත අතරේ පුජාට ලැබෙන්නේ වෙනස්ම ආකාරයේ තැනක්. මේවෙනකොට වයස අවුරුදු හතළිහකටත් වඩා වැඩි වුවත් ඇය තාමත් සුන්දර යුවතියක් විදිහට අපට දැකගන්නට ලැබෙනවා

ඒ වගේම පුජා ප්‍රධාන චරිත ඔස්සේ රංගනයෙන් දායක වුන චරිත අතරින් කුස පබා චිත්‍රපටය ලංකාවේ වාර්තාගත චිත්‍රපටයක් බවට පත්වුණා. මේ අතර ඇයනම් කියන්නේ මොනතරම් සම්මාන ලැබුනත් ජනප්‍රියම කියන්න සම්මානය තරම් වටිනා දෙයක් ලැබෙන්නේ ප්‍රේක්ෂකයින්ගේ ආදරේ ලැබෙන නිසා කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්