May
10

මම නිදහසේ ජිවත් වෙන්න කැමති කෙනෙක්

 
759 Views
   
I-am-someone-who-wants-to-live-freely  

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙක් වන ප්‍රසාදි චතුරිකා සමගින් අපි මෙවර කතා බහා කළේමු. පසුගියදා පැවති Royal king & Queen තරගයේ සුන්දරතම තරගකාරිය ඇතුළු කිරූළ කිහිපයක්ම ඇය දිනාගන්නටද සමත් වූවාය.

Royal king & Queen තරගය ගැන මුලින්ම අපි කතා කරමු?

මේ පැජන්ට් එක සංවිධානය කළේ ජාතික අධ්‍යක්ෂක දමිත් අංජු මහත්මයා. තරගය තිබුණේ කෝට්ටේ Raffles Residence හිදි. මම මේ තරගයේ සුන්දරම තරගකාරිය වගේම හොඳම පෞරුෂය හිමි තරගකාරිය ලෙස මම කිරූළ දිනාගත්තා.

මේ ඔබ සහභාගි වුණ කි වැනි තරගයද?

මේක මගේ පළමුවැනි පැජන්ට් එක කිව්වොත් හරි. මීට කළින් මම මෙවැනි පැජන්ට් එකකට ඉඳලා නැහැ. අඩුම තරමේ අවුරුදු කුමාරි තරගයකටවත් මම ඉදිරිපත් වෙලා නැහැ.

කිරූළක් දිනාගත්ත අයගේ මිළඟ ඉලක්කය තමයි කලාවට එකතු වෙන එක?

ඔව්, දැනට මම නිරූපිකාවක් විදිහට වැඩ කරනවා. රඟපාන්නත් කැමැත්තක්.. ආසාවක්.. මට තියෙනවා. අවස්ථාවක් ලැබුණොත් ඒ දේ යොමු වෙන්න මම බලාපොරෙත්තුවෙන් ඉන්නවා.

නිරූපිකාවක් විදිහට දැන ඔබ වැඩ කරනවා නේද?

ඔව්, හැබැයි ගොඩක්ම කරන්නේ බ්‍රයිඩ්ල් පොටෝ ෂුට් තමයි. දැනට ඒ වගේ අවස්ථා ගොඩකට මම දායක වෙලා තියෙනවා.

දිගටම කලාවත් සමග රැඳෙන්නේද අදහස?

දැනට මම රුපලාවන්‍ය ක්ෂේත්‍රය ගැන හදාරමින් ඉන්නවා. ඒ අතරේ ලැබෙන විවේකය අනුව නිරූපණ කටයුතුවල නිරත වෙනවා. දැනට Queen’s Beauticians ආයතනයේ මම සේවය කරමින් ඉන්නවා.

ඔබ මොන වගේ කෙනෙක්ද?

මම නිදහසේ ජිවත් වෙන්න කැමති කෙනෙක්. ඒ වගේම ගොඩක් සංවේදි කෙනෙක්. ගෙදරදි නම් ටිකක් දඟ වැඩ කරනවා. ඒත්, දකින හැමෝම කියන්නේ මම හරිම අහිංසක කෙනෙක් කියලා.

පවුලේ අය කැමතිද ඔබ කලාවට සම්බන්ධ වුණාට?

පවුලේ අය කැමතියි මම කලාවට සම්බන්ධ වෙලා වැඩ කරනවට. විශේෂයෙන්ම මගේ පෙම්වතා. එය හින්දා තමයි අද මම කලා ක්ෂේත්‍රය තුළ මේ තරම් දුර ඇවිල්ලා තියෙන්නේ. මම ඉදිරිපත් වුණ Royal king & Queen තරගයේ මුල ඉඳලා අවසානය දක්වා ඔහු මා සමග හිටියා. මට ගොඩක් උදව් කළා.

මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

ජාතික අධ්‍යක්ෂක දමිත් අංජු මහත්මයාව විශේෂයෙන්ම මතක් කළ යුතුයි. ඒ වගේම ඇඳුම් නිර්මාණය කරපු ශංකි කුරුප්පු. වේශ නිරූපණය කරපු සුබාෂිණි ප්‍රියංකා, හර්ෂි විරසේකර, ඡායාරූප ශිල්පි ධනා, මොහොමඩ් ඉම්රන්, ගීතප්‍රිය මහත්මයා ඇතුළු ගොඩක් පිරිසක් මට උදව් කළා.

බුද්ධික සේනාධීර

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්