Nov
13

“අය-වැයෙන් තුනෙන් පංගුවක්ම රාජපක්ෂ පවුල බෙදා ගෙන” – මන්ත්‍රී විජිත හේරත්

 
745 Views
   
 

මෙවර අයවැයෙන් තුනෙන් පංගුවක් ම රාජපක්ෂ පවුලට බෙදාගෙන ඇති බවත් ජනතාවට කිසිවක් බෙදා නැති බවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීරි විජිත හේරත් පැවසී ය.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිගේ මොළ හතේ ප්‍රතිඵලය ජනතාවට ලැබී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය. මන්ත්‍රීවරයා පැවසුවේ රටේ ආදායම බිලියන 2000ක් වන විට වියදම බිලියන 5000 ක් බවත් රටේ විශාල අය වැය හිඟයක් පවතින බවත් ය. විශේෂයෙන් ම මෙම අයවැයෙන් ජනතාවට හීන්දාඩිය දමා කලන්තය දමන ආකාරයේ අයවැයක් බවත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පැමිණියා කියා විශාල පෙරළියක් සිදුනොවී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඒ අනුව, පරණ සුපුරුදු පදය හා වචන හරඹ කළ ලියැවිල්ලක් බවට මෙවර අය වැය පත්වී ඇති අතර විශේෂයෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අංශවලට විශාල මුදල් වෙන් කිරීමක් කර නොමැති බවත් ගුරුවරුන්ට යමක් ලැබුණේ ඔවුන් වසරක් තිස්සේ මහපාරේ සටන් කරපු හේතුවෙන් බවත් ඒ මහතා කී ය.

එමෙන් ම, ගොවියා විශාල අසීරුතාවක සිටින මොහොතක ගොවි වන්දි ගෙවීමට හෝ මුදල් වෙන්කර නොමැති බවට හේරත් මහතා චෝදනා කළේ ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්