Sep
6

ලංකාවේ ක‍්‍රිකට් ගැන දැඩි තීන්දුවක්.. ආසියා ලොක්කා ජනපති හමුවෙයි… රොෂාන්ගෙන් ක‍්‍රිකට් ඉවතට…

 
1677 Views
   
 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දේශපාලන බලපෑම එල්ලවීම සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින එහි සභාපති ජෙයී ෂා මහතා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදීය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වන දේශපාලන බලපෑම් ගැන දැඩි විමසිල්ලෙන් පසුවන බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත්තේ නව ක්‍රීඩා නීතියක් මෙන්ම නව ක්‍රීඩා අධිකාරියක් ගෙන ඒමට කටයුතු කරන බවත් ක‍්‍රිකට් ක්‍රීඩාව අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට පියවර  ගන්නා  බවත් ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්