Jan
26

කාර්යබහුල තරුණියන්ට රුව රැක ගැනීමට පහසු ක්‍රම

 
648 Views
   
Easy Ways To Keep Beautiful For Busy Young Women  

හැමදාම පැහැපත්ව ලස්සනට ඉන්න මොන තරුණියද අකමැති? රූ සපුවත් , තාරුන්‍යයත් ඔප්නංවන රූපලාවණ්‍ය සත්කාර සඳහා කාලය වැය කරන්නට කාර්යබහුල තරුණියන්ට ප්‍රමාණවත් කාල වේලාවක් නැහැ .එම නිසා බොහෝ වෙලාවට රූ සපුව ගැන හිතන්නට ඔබට අතපසු වෙනවා ඇති .එහෙත් හරිම සරල ක්‍රම භාවිතයෙන් වුවත් රූ සපුව වර්ධනය කරගැනීමට හැකි බව දැන් වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා.පිරිමින්ට වඩා කාන්තාවන් සම ගැන බොහෝ සෙයින් උනන්දු විය යුතුය .මන්දයත් වියපත් වීමේදී කාන්තාවන්ගේ මුහුණේ රැළි ගැසීමේ ප්‍රවණතාව පිරිමින්ට වඩා ඉහළයි .එයට හේතුව තමයි මුහුණේ සම පිරිමින්ට සාපේක්ෂව තුනී වීම හා එහි අඩංගු කොලජන් ප්‍රතිශතය සාපේක්ෂව අඩු වීම. එම නිසා සම රැක ගැනීමට තරුණියන් සහ කාන්තාවන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

තාරුණ්‍යය රැකදෙන ඇපල්

සම රැලි ගැසීම හෝ වියපත් වීම ගැන කතා කරද්දි කාර්යබහුල තරුණියකට වඩාත්ම පහසුවෙන් සම රැක ගැනීම සඳහා කර හැකි සත්කාර මොනවාද ?

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගන්න. ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් පහසුවෙන්ම තාරුණ්‍යය රැක දෙන බව වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.ඇපල් ගෙඩියක් ආහාරයට ගන්නවා හැරෙන්නට ඇපල් සතු පෝෂණ ගුණය සමෙහි පැවැත්මට දායක කරගන්න පුළුවන් තවත් ආකාරයක් වන්නේ ඇපල් සයිඩර් විනාකිරි රූපලාවණ්‍ය සත්කාර සඳහා එක්කර ගැනීමයි.ඇපල් වල ඇති බැක්ටීරියා නාශක ගුණය හා සමේ පි.එච් අගය සමබර කිරීමේ හැකියාවත් නිසා සමේ ස්වාභාවික සුන්දරත්වය හා තරුණ පෙනුම රැකගන්න ඒක කදිම සංඝටකයක් .

ඇස් යට කළු වීමට තිත තබන කහ

සුන්දර ශරීර අවයවයක් ලෙස සලකන දෑස් පිළිබඳ ලියැවුණු වර්ණනා ඉහටත් උඩින්ය.නමුත් බොහෝ අයගේ දක්නට ඇති ඇස් යට දුර්වර්ණයට කදිම බෙහෙතක් තමයි යෝගට් සහ කහ.

මුලින්ම පිරිසිදු භාජනයකට යෝගට් තේ හැඳි දෙකක් එකතු කරගන්න.එයටම කහ කුඩු ස්වල්පයක් දමාගන්න .හොඳින් මිශ්‍රකර ඇස් යට ආලේප කර විනාඩි පහළොවක් පමණ තබා සෝදා හරින්න .මෙම ආලේපනය සතියට දෙවතාවක් තුන් වතාවක් කිරීමෙන් ඇස් වටා පෙදෙස් වල සැබෑම වෙනසක් ඔබටම දැක ගන්න පුළුවන් .

ආකර්ශනීය පැහැයක් ලබා ගැනීමට කෝපි ක්‍රීම්

ඉතාමත් ඉහළ කැෆෙන් අගයක් පවතින කෝපි යනු ජනප්‍රිය බීමක් මෙන්ම රූපලාවන්‍යය කටයුතු සඳහා යොදා ගන්නා සාර්ථක ආලේපනයක්.
කෝපි cream වෙනදාට ඔබ භාවිතා කරන ක්‍රීම් වර්ග මෙන් සමේ බොහෝ වෙලාවක් රඳවා ගත නොහැකිය .උදේ සවස ආලේප කර ටික වේලාවක් තබා සෝදා ගත හැකිය. ස්වාභාවිකව සකස් කරගත් මේ cream දිනපතා ආලේපනය කිරීමෙන් තරුණ පැහැපත් සමක් හිමිකර ගත හැකි වේ.

කෝපි cream සකස් කරගන්නා ආකාරය.

  • පිරිසිදු කෝපි කුඩු මේස හැඳි දෙකක්
  • ඇලෝ ජෙල් මේස හැඳි එකහමාරක්
  • විටමින් E කැප්සියුලයක්

සියල්ල ක්‍රීම් එකක් වන සේ හොඳින් මිශ්‍ර කරගන්න .ප්‍රතිඵල ලබාගත හැකි වන්නේ වැඩි වේලාවක් මිශ්‍ර කර ගැනීමෙනි .මේ ආකාරයට සකස් කර ගත් කෝපි ක්‍රීම් එක ඔබේ මුහුණේ ආලේප කර දින කිහිපයකින් පැහැපත් පෙනුමක් ලබාගන්න .

Blackheads සහ whiteheads මුහුණට ගෙන දෙන්නේ ඉතා අවලස්සනක් .එම නිසා මෙම කරදරකාරී blackheads සහ whiteheads පහසුවෙන්ම කාර්යබහුල තරුණියන්ට ඉවත් කර ගත හැකි ක්‍රමයක් ඔබට කියලා දෙන්නම්.

පිරිසිදු භාජනයකට toothpaste කඩල ඇට දෙකක ප්‍රමාණයක් දමා ගන්න . ඊට පසුව ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්න .හොඳින් කවලම් කර එය ටික වේලාවක් තිබෙන්නට හැර වෙනම බඳුනක් ගෙන එයට මද උණුසුම් ජලය දමා ගන්න .පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන එය මඳ උණුසුම් ජලයේ පොඟවා ගන්න.පසුව blackheads whiteheads තිබෙන තැන් හොඳට තවා ගන්න .ඉන්පසු කවලම් කරගත් ආලේපනය ගෙන මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙම ආලේපනය ආලේපකර පහසුවෙන්ම blackheads whiteheads ඉවත් කරගන්න.

රුව අලංකරනයට මුළුතැන්ගෙයින් මෙන්ම ගෙවත්තෙන් ද වස විස නැති අතුරු ආබාධ නැති ස්වාභාවික අමුද්‍රව්‍ය බොහෝමයක් සොයාගන්නට හැකි වුවද වර්තමානයේ කාන්තාවන් මෙම ක්‍රම වලින් ඈත් වී සිටිනු දකින්නට ලැබේ .ස්වාභාවික රුව අලංකරන සත්කාරක ක්‍රම අනුගමනය කර සුන්දර නිරෝගී සමක් තබා ගැනීමට උනන්දු වීමෙන් දිගුකාලීන ස්වාභාවික සුන්දරත්වයක් ලබාගත හැකිය.

මන්දාකිනි පතිරණ.

අන්තර්ජාලය ඇසුරිනි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්