Mar
8

ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩගේ කවුරුත් දැකල නැති සුරූපී දියණිය සිය 21 වෙනි උපන්දිනය සැමරූ හැටි

 
3231 Views
   
 

අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න රටම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියල කියන්නේ. 2017 වසර වෙනුවෙන් හොඳම නිළිය සඳහා වූ ජනාධිපති සම්මානය හිමිකර ගන්නා ඇයව අපට මෙරට ටෙලි නිර්මාණ රැසක් ඔස්සේ දැකගන්නට ලැබී තිබෙනවා. ඒ කොහොම උනත් වර්තමානයේ සෙමිනිට ප්‍රේක්ෂකයන්ගේ ආදරය සහ ආකර්ෂණය හිමිවෙන්නේ බොහෝ ජනප්‍රියත්වයට පත් වූ ටෙලි නාට්‍යයක් වන ” යස් බොස්” කියන වැඩසටහනේ රෝෂිනි කියන චරිතය හරහායි

කෙසේවෙතත් එලෙස මෙම වැඩසටහනට සිය රංගන දායකත්වය ලබාදෙන ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එකතුවෙලා මේ ටෙලි නිර්මාණය ගැන කියල තිබුනේ මෙහෙම කතාවක් ” යස් බොස් කියද්දී අමතක වෙන්නේ නැති චරිතයක් තමයි විජය නන්දසිරි අයියා, ලකී ඩයස් අයියා, අවුරුදු තුනක කාලයක් අපි රූගත කිරීම් කරා හරිම සුන්දර කාලයක් තාමත් ඒක විකාශනය වෙනවා සහ වැඩිම views ගානකුත් තිබ්බෙත් යස් බොස් කියලා මට පහුගිය කාලේ ආරංචි වුණා

මුල් දවස් වල පොඩ්ඩක් අමාරු උනා.සුරන්ජන් විජේනාම තමයි අධ්‍යක්ෂකවරයා ඔහුගේ සහාය ලැබුණා විජය අයියාගේ සහයෝගය අප්‍රමාණයි. අද අප අතර නොහිටියත් මම බොහොම ගෞරවයෙන් ආදරයෙන් මතක් කරනවා ආදරණීය විජය අයියව අදටත් මිනිස්සු හරිම ආදරයෙන් එකේ සුන්දරත්වය විඳිනවා ඒක ගැන ලොකු ආඩම්බරයක් සතුටක් තියෙනවා” කියලයි. කෙසේවෙතත් සේමිණි මේවෙද්දී විවාහකයි

ඉතින් ලස්සන විවාහ දිවියක් ගෙවන සේමිනිට ආදරණීය හුරුබුහුටි දියණියක් ද සිටින අතර, සේමිනිගේ 27නි විවාහ සංවත්සරය නිසා ඇය ගැන හැමෝම වාගේ කථා වෙන්නට පටන් ගත්තා.ඉතින් සේමිනිගේ දියණිය මේ වෙද්දී අවුරුදු 20ක තරුණියක වන අතර, ඇය නමින් “කුමලි ඉද්දමල්ගොඩ” යි. ඉතින් සේමිනීගේ විවාහ සංවත්සරය දවසේ ඇගේ ආදරණීය දියණිය “කුමලි” ගේ හරි ලස්සන ඡායාරූප පෙළක්, සේමිනි විසින් එක්කර තිබුණා

කොහොම නමුත් සේමිණිගේ දියණිය කුමලි ඉද්දමල්ගොඩගේ උපන්දිනය පහුගිය දිනක යෙදී තිබුණා. ඉතින් ඇගේ මේ උපන්දිනය සැමරීමටයි සේමිණි සහ ඇගේ සැමියා කටයුතු කර සිටියේ. මේ අතර එලෙස සංවිධානය කළ උපන්දිනය සාදයට ඇගේ පවුලේ සාමාජිකයන් රැසක් වගේම කලාකරුවන් රැසකුත් සහභාගි වෙලා තිබුණා. ඒ වගේම මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළකුත් අපට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙනවා. ඉතින් එලෙස උපන්දිනය සමරන කුමලි දියණියට අපිත් උපන්දිනයට සුභපැතුම් එකතු කරන අතරම මේ අවස්ථාවේ ලබාගත් සුන්දර ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්