Feb
20

“පෞද්ගලීකරණය” අභ්‍යවකාශ ගත වේ

 
1784 Views
   
 

ලෝකයෙන් පිට ලෝකය සොයන්න මිනිසා අවකාශය තරණය කරන්න අරගෙන දැන් ශතවර්ෂ භාගයකටත් වඩා වැඩිය. ඕනෑම විශාල තාක්ෂණයක් වගේම අභ්යවකාශ ගවේෂණයටත් ප්රථමයෙන්ම මැදිහත්වීමක් සිදු කළේ ලොව ධනවත් රටවල්ය. ඒ රජයේ මැදිහත් මැදිහත්වීම තුළ ඔවුන්ගේ ආරක්ෂාව සහ තරගකාරිත්වය වෙනුවෙනි.

බොහෝ රටවල් පසුකාලීනව එම විශාල මහජන ආයෝජනයකින් සොයාගත් තාක්ෂණය පෞද්ගලික අංශයට ලබා දෙන ලදී. ඉන්පසු පෞද්ගලික වෙළෙඳපොළ මගින් ධනය රැස් කිරීමෙන් එම තාක්ෂණය තවතවත් වර්ධනය වී ඉදිරියට ගෙන යන ලදී. Space X අභ්යවකාශ සමාගමේ Falcon – 9 රොකටය අභ්යාවකාශයට ගිය පසු ආපසු පැමිණියේ නැත.

Falcon – 9 රොකටයකට පරිබාහිරව ගගනගාමින් අභ්යාවකාශයට රැගෙන ගිය යානාද නැවත පෘතුවියට පැමිණියේ ඉතාමත් අසීරුවෙනි. මේ පසුවන්නේ අභ්යවකාශ තරණයේ අලුත්ම යුගයයි. එනම් අභ්යවකාශ ගමන් විශාල වශයෙන් පෞද්ගලික අංශයේ මැදිහත්වීමට ලබා දෙන කාලවකවානුවකි.

නොඑසේ නම් ලෝකය හැල්මේ වෙනත්ම ආකාරයේ ආර්ථික සංසිද්ධියකට අවතීර්ණ වීමකි. මහජන මුදලින් අධික වියදමක් දරා මෙම තාක්ෂණය පෞද්ගලික අංශයට ලබා දීමෙන් අපේක්ෂා කරන්නේ රජයේ වියදම් අඩුකරගෙන එම කර්මාන්තයේ සකසුරුවම් බව වැඩි කරගෙන සාපේක්ෂව අඩු වියදමක් දරා අවකාශය තරණය කරන යානා නිෂ්පාදනය කිරීමයි.

පෞද්ගලික අංශයට කළමනාකාරිත්වය වෙනස් වූ පසුව එක් වතාවක් පමණක් අවකාශ ගත වීමෙන් පසු රොකටය විනාශ නොකර ආපහු පොළවට පැමිණීම හා ඒවා රැගෙන ගිය උපකරණ පථයට නිකුත් කර හැරී සාර්ථකව නැවත පෘතුවියට ළඟාවීම සිදුවේ. Falcon – 9 රොකට්ටුව මේ වනවිට එසේ ගමන් ගමන් වාර 11 ක් සම්පූර්ණ කර ඇත.

යළි යළිත් භාවිතා කළ කළ හැකි ආකාරයට අභ්යවකාශ යානා නිෂ්පාදනය කිරීම තුළින් අභ්යාවකාශ ගමන් වල වියදම විශාල ලෙස අඩු වීමට මෙය හේතු වී ඇත. මීළඟ දශක කිහිපය තුළ Space X , Amazan ඇතුළු පෞද්ගලික සමාගම් රැසක් සැටලයිට් 42000 පමණ ක්ෂීර පථයට යැවීමට කටයුතු සූදානම් කර ඇත. එවැනි දියුණු තත්වයකට පෞද්ගලික අංශයේ (Efficiency) කාර්යක්ෂමතාව ඉතාම වැදගත්ය.

මේ තුළින් ගම්ය වන්නේ රජයේ ඒකාධිකාරයෙන් කළ නොහැකි දේ වෙළෙඳපොළ අධිකාරිය තුළ කළ හැකි බවයි. සකසුරුවම් බව, නිවැරදි කළමනාකරණය මූල්යමය වෙළඳපල ඔස්සේ මාකට් එක ඔස්සේ සුවිශාල ප්රාග්ධනයක් එක් රැස් කරගත හැකිය. මෙම කරුණු දැක්වීම අනුව නිරීක්ෂණය වන්නේ මහජන මුදලින් සොයා ගනු ලබන තාක්ෂණය පෞද්ගලික වෙළෙඳපොළ තුළ දී දැවැන්ත වර්ධනයකට ලක්වන ව්යාපාර අතර හොඳම උදාහරණයක් ලෙස නූතන අභ්යාවකාශ වෙළෙඳපළ සේම අන්තර්ජාලය හඳුන්වා දිය හැකිය. රටක් ඉදිරියට ගෙනයාමේ දී සකසුරුවම් බව හා නිසි කළමනාකරණය හා වෙළෙඳපොළ වැදගත්ම සාධකයන්ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්