Feb
4

ගයාන් චතුරිකා පුංචි දොනිත් සමඟ සිය විවාහ සංවත්සරය සැමරූ හැටි

 
857 Views
   
 

චතුරිකා පීරිස් කියල කියන්නේ ලංකාවේ අපේ රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියකි. සුන්දර පෙනුමකට හිමිකම් කියන ඇය ටෙලි නාට්‍ය රැසකට මෙන්ම චිත්‍රපටි රැසකටත් සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඇත්තෙන්ම විවිධ චරිත සදහා සිය රංගන දායකත්වය ලබාදුන්නු ඇයට මෙරට ප්‍රේක්ෂකයන් විශාල පිරිසකගේ ආකර්ෂණය හිමිකර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා

කොහොම නමුත් වසර ගණනාවකට පෙරදී රංගන ක්ෂේත්‍රයට පිවිස ජනප්‍රියත්වයට පත් ඇය ගැන කතා කරනවානම් චතුරිකා උපත ලබන්නේ 1980 වසරේ ජනවාරි මස 02න දිනයේදී යි. මේවෙනකොට ඇයට වයස අවුරුදු 41ක් පමන වෙනවා. ඒ කොහොම උනත් චතුරිකා කියල කියන්නේ සිය පළමු විවාහයට සමුදී දෙවනි වරට විවාහවු කෙනෙක්. ඇය පළමු වරට විවාහවෙන්නේ ලංකාවේ දක්ෂ රංගන ශිල්පියෙක් වන රොෂාන් පිලපිටිය සමගයි

2005 වසරේදී විවාහවෙන රොෂාන් සහ චතුරිකා 2012 වසරේදී දික්කසාද වෙනවා. ඉන් අනතුරුව ඇය නැවත වරක් විවාහවෙන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙකු වන ගයාන් වික්‍රමතිලක සමගයි. එලෙස විවාහවෙන ගයාන්ට සහ චතුරිකාට මේවෙනකොට සුරතල් දියණියක් සිටිනවා. ඇය තමයි ආරාධනා. ඇයත් මේවෙනකොට ගයාන්ටයි චතුරිකාටත් වඩා මෙරට ජනයා අතර ජනප්‍රියයි. ඒ ආරාධනා දෝනීගේ හුරතල් වීඩීයෝ දර්ශන නිරන්තරයෙන් සමාජ ජාලා මාධ්‍ය තුළ හුවමාරු වීම නිසාවෙනුයි. ඉතින් දෝනීගේ හුරතල් මැද චතුරිකා සහ ගයාන් ඉතාමත් සුන්දර ජීවිතයක් තමයි ගෙවන්නේ

ඒ වගේම ගයාන් කියල කියන්නෙත් සිය පළමු විවාහයට සමුදී දෙවනි වරට විවාහවු කෙනෙක්. ඔහු දෙවනි වරට තමයි චතුරිකා සමගින් විවාහවෙන්නේ. කොහොමහරි ගයාන් සහ චතුරිකා චූටි දෝනීවත් එකතු කරගෙන පසුගිය දිනක ඔවුන්ගේ විවාහ සංවත්සරය සමරලා තිබුණා

ඉතින් මේ විදිහට සිය විවාහ සංවත්සරය සමරපු ගයාන් වික්‍රමතිලක ඉතාමත් ආදරණීය සටහනක් තබා තිබුණා. ඒ මෙලෙසයි ”රැලකින් තනිවී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දළ යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ. හැපී ඇනිවසරි මගේ මැණික” යනුවෙනුයි

කොහොම නමුත් දැන් මේ දෙදෙනාම ඉතාමත් සුන්දර ජිවිතයක් තමයි ගත කරන්නේ. ඒ වගේම ඔවුන් ඉතාමත් ආදරණීය යුවළක්. ඉතින් ඔවුන්ගේ ආදරය සදාකල් එලෙසම රැදේවා කියා අපි හදවතින්ම සුභපැතුම් එකතුකරන අතර ඔවුනට සුබ විවාහ සංවත්සරයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්