Aug
15

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ප හ ර දුන් දෙදෙනෙකු රක්ෂිතයට

 
1120 Views
   
 

මාතර දික්වැල්ල ප්‍රදේශයේ නි රෝ ධායන රාජකාරියකට පිටත්ව ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ප හ ර දීමේ සිද්ධියක් වාර්තා වනවා.

ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදනය වී මි ය ගිය පුද්ගලයෙක් පදිංචිව සිටි නිවසක සිටි අනෙක් පුද්ගලයින් නි රෝ ධායනය කිරීම සඳහා මාතර දික්වැල්ල ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම නිවසට ගිය අවස්ථාවේ මෙම සිදුවීම හටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ.

අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා සිය රාජකාරි කටයුතු කිරීමට සූදානම් වන අවස්ථාවේදී ප්‍රකෝප වූ නිවැසියන් විසින් මෙම නිලධාරීන් දෙදෙනාට පහර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය විසින් පුද්ගලයින් දෙදෙනෙකු අ ත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඊයේ දිනයේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අ න තුරුව ඔවුන් ලබන විසි 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

නි රෝ ධායන නී ති රීති ක්‍රියාත්මක කරන රජයේ නිලධාරීන්ට එරෙහිව සිදු කෙරෙන මෙවැනි බ ල පෑම් සම්බන්ධයෙන් පොලිසිය තරාතිරම නො බලා කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකකවරයා පවසන්නේ.

මීට පෙර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී මේ ආකාරයටම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකුට කොවිඩ් ආසාදිතයකු විසින් කෙල ගැසීමේ සිද්ධියක් සිද්ධියක් වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් අ ත් අ ඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වසර 6 ක සිර දඬුවමකට යටත් කෙරුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්