Feb
16

ආක්ෂේ කුමාර්ගේ කෝටි ගාණක් වටින අලුත් නිවෙස

 
808 Views
   
Akshay-Kumar's-new-home-worth-millions  

ආක්ෂේ කුමාර් මුම්බායි හි ඇති ඔහු ගේ දේපොළවලට අලුතින්ම එක් කරගෙන ඇත්තේ රුපියල් කෝටි 7. 8 ක මුදලකට ඛාර් ප්‍රදේශයෙන් මිළ දී ගන්නා ලද අපාර්ට්මන්ට් නිවසකි. ඔහු සිය බිරිඳ ට්වින්කල් ඛන්නාත්, දරුවන් වන අරාව් සහ නිතාරාත් සමඟ වාසය කරන්නේ මුම්බායි හි මුහුදට මුහුණ ලා ඇති දෙමහල් නිවසකය.

ඔහුට ගෝවේ සහ මෞරිටියස් වල ද නිවෙස් ඇති බව කියැවෙයි.

ආක්ෂේ මිළ දී ගත් අලුත් නිවසේ වපසරිය හතරැස් අඩි 1878කි. එය පිහිටා ඇත්තේ ජෝයි ලෙජන්ඩ් නම් ගොඩනැගිල්ලේ 19 වන මහලේය. මේ ගොඩනැගිල්ලට රිය ගාල් හතරක් තිබේ.

සුඛෝපභෝගි මහල් නිවාස ගණයට වැටෙන මේවාට සාලය, රූපවාහිනී නැරඹුම් කාමරය, ප්‍රධාන නිදන කාමරය, ළමයින්ගේ නිදන කාමර, අමුත්තන්ගේ කාමරය, කුස්සිය හා නාන කාමරය ඇතුළත්ය.

බොලිවුඩ්හි වැඩිම ගෙවීමක් ලබන හා කාර්යබහුලම නළුවා වන්නේ ආක්ෂේ කුමාර්ය. ක්‍රිති සැනොන් සහ ජැකලීන් ෆර්ඩිනැන්ඩස් සමඟ රඟ පාන බච්චන් පාණ්ඩේ, 2017 ලෝක රූ රැජින වූ මනුෂි චිල්ලාර් නිළියක ලෙස දොරට වඩින ප්‍රිත්විරාජ්, භූමි පෙඩ්නෙකාර් සමඟ රඟ පාන රාක්ෂා බන්ධන්, ජැකලීන් සහ නුෂ්රත් බවුචා  සමඟ රඟ පාන රාම් සේතු චිත්‍රපටිවලට අමතරව මිෂන් සින්ඩරෙල්ලා, ඕ මයි ගෝඩ් 2, ගෝර්ඛා, සෙල්ෆී ආදිය ද ඔහු ගේ අතේ ඇති චිත්‍රපටිය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්