Jan
28

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට නව මාර්ගෝපදේශ

 
1163 Views
   
New-guidelines-for-complete-vaccination  

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

‍ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයකු කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වුවද ඔහුට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් නිරෝධායනය නොවී තම රාජකාරි කටයුතුවල නිරත වීමට අවස්ථාව හිමිවෙයි.

කෙසේ වෙතත්ව එම ආශ්‍රිතයා තමාට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණයකට ලක්විය යුතු බවද එම මාර්ගෝපදේශවල දැක්වෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට  පැමිණෙන සංචාරකයන්ටද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ.

ඒ අනුව ඔහු/ඇය ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සෘණාත්මක කොවිඩ් පරීක්ෂාවට ලක්විය යුතු වෙයි. එසේම එන්නත්කරණ සහතිකය/කාඩ්පත අනිවාර්ය බවද එම මාර්ගෝපදේශවල දැක්වෙයි.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්